ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සහ සැකකරුවන් 06 දෙනා පෙබරවාරි 01 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පසුගියදා අනාවරණය විය.