වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සතොස හරහා බෙදා හරින බඩු මල්ල මිත්‍යාවක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .
ඔහු වැඩි කියා සිටියේ ,
“බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ සහන බඩු මල්ල මිත්‍යාවක් සතොසෙන් බෙදෙනවා කිව්වට සතොසට පෝලිමේ ගිහිල්ලා ගන්න පුළුවන් වෙන්නේ සීනි කිලෝ එකයි ඒකත් හුඟක් තැන්වල නැහැ පෝලිමේ ගියොත් හාල් කිලෝ එකක් ගන්න පුළුවන් ඒකත් පිටපලාත් වල සතොස වෙළඳ සල්වල නැහැ ඇයි එවැනි මිත්‍යා වන් රටේ ජනතාවට කරන්නේ.විවෘත වෙළඳ පොලෙන් මේ බඩු භාණ්ඩ සාධාරණ නියමිත මිලට ලබාගන්න පුළුවන් ආර්ථික වෙළඳ ක්‍රමයක් සකස් කරන්න. නැවතත් පෝලිම් යුගයකට යන්න ජනතාව කැමැති නැහැ .එය ආණ්ඩුව තේරුම් ගත යුතුයි .කිහිප දෙනෙකුට පමණක් බඩු මල්ලක් ලබා දුන්න කියල රටේ ආර්ථිකය හරි ගිහිල්ලා කියලා කාටවත් කියන්න බැහැ .බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිතුමා ඉතිහාසයේ කියපු කතා අපි දන්නවා හුඟක් අවස්ථාවල මෙවැනි විහිළු කතා සපයනවා හැබැයි පාරට බැහැලා ජනතාවගෙන් ඇහුවොත් මොකක්ද කියන්නෙ කියලා දැනගන්න පුළුවන් .බඩුමලු සහන මිලට දෙනවා ගෙදරට ගෙනල්ලා දෙනවා කියන එකක්වත් සාර්ථක වුන දේවල් නෙමෙයි. එමනිසා සතොස හරහා බඩු බෙදා හැරීම ක්‍රියාත්මක වෙනවා කියන පණිවිඩය පවා ජනතාව මොකක්ද සිදු වෙන්නේ කියලා හොඳාකාරව දන්නවා. ඒ නිසා ජනතාවට අවශ්‍ය සැබෑ පිළිතුර හොයන්න මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන් මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ විවෘත වෙළෙඳ පොළේ සාධාරණ මිලගණන් වලට තමන්ගෙ බඩු භාණ්ඩ ලබා ගන්න දේට ඉඩ සලස්වා දීම තමයි ආණ්ඩුවේ වගකීම.”
මේ අදහස් දැක්වූයේ පසුගියදා මාධ්‍යවේදීන් අමතමිනි .