බලලෝභී ලෙස තනතුරු තාන්න මාන්න ලබාගෙන බිහි කරනු ලැබූ ආණ්ඩුව සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවන බවත් එය ඊනියා අච්චාරු ආණ්ඩුවක් පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

රට ගොඩ නගනවා නම් කළ යුත්තේ එකට එක්වී සියලු දෙනාත් සමග සුහදව කටයුතු කිරීම බවත්,එහෙත් සිදුවෙමින් පවතින්නේ රටම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා සමග එක්ව අවස්ථාවාදී දේශපාලනය කිරීම බවත් ඒ මහතා පැවසීය.