ජොන්ස්ටන්ට විවෘත වරෙන්තුවක්.,මිලාන්ට ඇප,සනත් නිශාන්ත යළි රිමාන්ඩ් !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුව කල ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව බවයි සිත නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ඒ පසුගිය මැයි 9 වනදා ”මයිනාගෝ ගම” හා ”ගෝඨාගෝ ගම” සාමකාමී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.

මේ අතර අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇතුලු 13 දෙනෙකු ඇප මත මුදා හරින ලෙසද අධිකරණය නියම කළා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ ඩෑන් ප්‍රියසාද් ඇතුලු පිරිසක් ලබන 15 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.