මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වී ඇති අතර එවැනි තත්ත්වයක් තුළ ඔහු ඊයේ කැබිනට් රැස්වීමට පැමිණියේ කෙසේදැයි යන්න පිළිබඳව බලවත් කතාබහක් මේ වන විට ඇති වී තිබේ.

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන කිසිවෙකුට කැබිනට් රැස්වීමට සහභාගී නොහැකි තත්ත්වයක් තුළ හිටපු අගමැතිවරයා මේ වන විට මංත්‍රීවරයෙක් පමණක් වන හෙයින් කිසිසේත් කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී විය නොහැක.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ දිනයේ පැවැති කැබිනට් රැස්වීමට සහභාගී වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන තහවුරු කර සිටියා.

සිදුවිමට අදාළ වීඩියෝ දර්ශණ මෙතනින්