මෙම වසරේ රටේ අර්ථික කඩාවැටීමට හා අහාර හිහයට, බඩු මිල ඉහල යාමට සම්පූර්ණයෙන්ම වත්මන් ආණ්ඩුව වගකිව යුතු බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

තිස්ස අත්තනායක මහතා වැඩි දුරටත් කියා සිටියේ ,

“ජනාධිපති ලේකම් අසාර්ථකයි කියලා කෘෂිකර්ම ලේකම් අසාර්ථකයි කියලා ඔවුන් ගෙදර යනවා කියලා ජනතාවට ලැබෙන සහනය මොකක්ද එම නිසා අපි කියනවා මේ වගේම ක්‍රියාමාර්ග ගොඩක් ඉතිහාසයේ සිදුවුණා අපි අහන්නේ ඒ ඉතිහාසයේ සිදු වුණු දේවල් ඉටු නොවුනේ නම් වගකීම ඒ නිලධාරීන්ට පවරමින් ඇමතිවරු, ජනාධිපතිවරු, අගමැතිවරුන් ඉඳගෙන රටට යහපතක් වෙනවද කියලා ජනතාව සාකච්ඡා කරන්න පටන් අරගෙන. 2021 වර්ෂයේ අසාර්ථක වීමේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් බාරගත යුතුයි. නිලධාරීන්ට පැටෙව්වා කියලා නිවැරදි වෙන්නේ නැහැ .රට නිවැරදි ගමනක ගෙනියන්න නම් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවත් හරි ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඕන. නමුත් එසේ කරන්න ආණ්ඩුව ක්‍රියාත්මක නොවුන නිසා තමයි මේ විශාල කඩාවැටීම තියන්නේ. අපි ඉතාමත් පැහැදිලිව කියනවා 2022 වසර තීරණාත්මක අවුරුද්දක් හේතුව ජනතාවට මේ ආණ්ඩුව එපාවෙලා තියෙන්නේ සෞභාග්යයේ දැක්මට අනුව ක්‍රියා කරනවා කියලා ඇවිල්ලා විද්දත් පාලනයක් මේ රටේ ගෙනියනවා කියලා ඇවිල්ලා සෑම ක්ෂේත්‍රයකම විශාල කඩා වැටීමකට ලක් කරලා ඒ වගේම මිනිස්සු දැන් කියනවා මේ ආණ්ඩුවට ගෙදර යන්නේ කියලා අපි කියන්නෙ නිලධාරීන් ගෙදර යවන්න ක්‍රියා කරනවා වෙනුවට පාලකයන් ගෙදර යවන්නයි උවමනා වෙලා තිබෙන්නේ ජනතාව කියන්නේ නැහැ කර්ම ලේකම්ට ජනාධිපති ලේකම්ට ගෙදර යන්න කියලා ජනතාව කියන්නේ ජනාධිපති අගමැති කැබිනට් එකට ආණ්ඩුවට ගෙදර යන්න කියලා එම නිසා 2021 වසර දැඩි පීඩනයකට හසු වන අවුරුද්දක් ආණ්ඩුව ඒ නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ නැහැ මූල්‍ය අරමුදල අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව කුමන ක්‍රියාමාර්ගයකට යනවද කියන එක තවම පැහැදිලි නැහැ මහ බැංකු අධිපති වරයා කියලා තියෙනවා තිස් එක් වෙනිදා වෙනකොට සියලුම මූල්‍ය අර්බුදයන් විසඳ ගන්නා බව නමුත් තව දින කීයද තියෙන්නෙ දින තුනයි ඇතුළත මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරපු විදියට රටේ මූල්‍ය ස්ථාවරය හදන්න පුලුවන්ද එසේනම් කරන විදිය ජනතාවට රටට කියන්න ඕන සල්ලි එන විදිහ ජනතාව දැනගන්න ඕන තවමත් මූල්‍ය අරමුදලට යන්න ආණ්ඩුවට කිසිදු වුවමනාවක් ඇති වෙලා නැහැ.”