වත්මන් ආර්ථික අර්බුදය විසදා ගැනීමට සමගි ජන බලවේගයේ යෝජනා වලට ආණ්ඩුව ඇහුම්කන් දෙන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“විහිළු සපයන ආණ්ඩුව හොඳම විහිළුව බලන්න මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියනවා දැන් තියෙන තත්වය අනුව සතියේ දවස් වල පැය හතක් අටක් විදුලිය කැපීමේ ප්‍රවණතාවය නැහැ කියන්න බැහැ කියලා අපිට මිලියන 150යි ඕන ආනයනය කරලා ඊළඟ මාස දෙකේ විදුලිය කපන්නේ නැතුව ඉන්න හරි සිම්පල් වැඩක් තියෙන්නේ මිලියන 150 ක් හොයාගන්න බැරි නම් මේ ආණ්ඩුවට මේ ක්‍රමයෙන් ගොඩ එන්න අපි ගිහින් ලෝකයට ණය ගෙවනවා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ අපිට විදුලිය නෑ අත්‍යවශ්‍ය මෙලෝ දෙයක් නෑ අපි ගිහින් ණය ගෙවනවා මම මේ තත්ත්වය අවුරුදු දෙකක් තිස්සේ අවශ්‍ය තැන් වලට දිගටම කියලා තිබුණා වැරදි මූල්‍ය අපි ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ.
දැන් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ මොන විහිලුවක්ද මේ ආන්ඩුවේ මිනිස්සු නේද මේ පොහොට්ටුවේ වියත්මග ඒ කට්ටිය නේද අපි කියලා අවුරුදු දෙකකට පස්සේ මේ මිනිස්සු ඉඳන් කියනවා අපිත් කිව්වලු එහෙනම් කොහෙද මේ වැරැද්ද තියෙන්නේ මෙච්චර දෙයක් විශ්වාස කරලා තේරුම් ගන්න බැරිද එහෙමත් නැත්නම් අපි කලින් කියපු වැඩේ ද මේ වෙලා තියෙන්නේ මේ ව්‍යසනය අස්සේ මහා ලොකු හොරකමක් සිද්ධ වෙනවද අපි ඇහුවා ජනවාරි 18 වැනිදා ස්වෛරිත්ව බැඳුම්කර ගෙවපු කට්ටියගේ ලයිස්තුව දෙන්න කියලා. දුන්නද මේක ගෙවන්නේ යම්කිසි පුද්ගලයො කණ්ඩායමකට අති විශාල ප්‍රතිලාභයක් ගන්න කියලා අපි කිව්වා. සමහරු ගත්තා ඩොලර් වලින් ගණන් හදලා වාර්ෂික ප්‍රතිලාභය හැටියට 100% ට වඩා ප්‍රතිලාභයක් ගත්තා ඩොලර්වලින්. කවුද ඒ මේ ආණ්ඩුව හැම ව්‍යසනයෙන් ම හොරකම් කරලා තියෙනවද කියලා ප්‍රශ්නය දැන් එළියට එනවා මේ මහ දැවැන්ත අර්බුදය ඇතුලේ කවුරුහරි කණ්ඩායමක් ඉන්නවද මේකෙන් ඩොලර් ප්‍රකෝටි ගණන් ප්‍රතිලාභ ගන්න. යම්කිසි ගජමිතුරු කල්ලියක් ගේ අවශ්‍යතාවයන් සඳහා ඔවුන්ව සන්තෝෂ කිරීම සඳහා ද අද රටේ මිලියන විසි දෙකක් වන ජනතාවට මෙච්චර ලොකු දුකක් පට වල තියෙන්නෙ ඩීසල් නෑ විදුලිය නෑ බෙහෙත් නැහැ එළවළු ටික ගේන්න ලොරි නෑ හාල් මෝල් ක්‍රියාත්මක කරන්න ලයිට් නෑ ජෙරේටර් මිනිස්සුන්ට නැහැ මාළු ටික ෆ්‍රිජ් එකේ දානවා ඩිස්පෙන්සරිය එක ආරෝග්‍ය ශාලාවක දිස්ත්‍රික් රෝහලක generator නැහැ බෙහෙත් දෙන්න බැහැ ඔපරේෂන් කරන්න බැහැ මේක නෙමෙයි නං බංකොලොත් කියන්නේ මොකක්ද බංකොලොත් කියන්නේ” යන වග හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් විමසා සිටියේය .

තව දුරටත් පැවසු මන්ත්‍රීවරයා ,

“ඉතින් අපි රජයට කියන්නේ දැන්වත් දෙයියන්ගේ නාමෙට අපි කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න අපි ජනතාවාදී විපක්ෂයක් අපිත් ජනතාව තමයි නියෝජනය කරන්නේ ලක්ෂ පනස් දෙකක් සජිත් ප්‍රේමදාස අපේක්ෂකයාට ඡන්දය දුන්නා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා නියෝජනය කරනවා ලක්ෂ පනස් දෙකක ජනතාව එතකොට ඒ කට්ටිය අදාල නැද්ද මේක ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයිද විපක්ෂයක් මොනවටද තියෙන්නෙ අපේ යෝජනා අදහස් වලට ඇහුම්කන් දෙන්න බැරිනම් ලියුම් ලිව්වට ඒවට උත්තර දෙන්නේ නැහැ මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එන්නේ නෑ 27 දෙක ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ ඒ නිසා අපි ඉල්ලන්නේ කරුණාකරලා තවත් මේ මිනිස්සුන්ට දුක දෙන්න එපා IMF මීටින් එක තිබුණා එයට ඉදිරිපත් කරපු වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කියලා දිගින් දිගටම කිව්වා නමුත් දැම්මේ නැහැ එහි වෙච්ච දේ අපි දන්නවා IMF අයයි ලංකාවේ නියෝජිතයෝ අතර ලොකු පරස්පරයක් තියෙනවා ලංකාවේ සිදු වෙන්නේ මොකක්ද කියලා. ලංකාවේ කියන මේ සුරංගනා කතා ලෝකෙ කවුරුත් විශ්වාස කරන්න සුදානම් නැහැ ලංකාවේ ණය තිරසාර ද නැද්ද කියන ප්‍රශ්නය ලොකුවට ඇවිත් තියෙනවා අපිට විශ්වාස කරන්න බැහැ මුළු ආයෝජන ලෝකෙම විශ්වාස කරනවා නම් අපේ රටේ ණය තිරසාර නැහැ කියලා ලංකාව කියනවා නම් නැහැ අපේ ණය තිරසාරයි කියලා අපට ගෙවාගෙන යන්න පුළුවන් කියලා IMF නිල මතය ඉදිරිපත් කරාවි හෙට අනිද්දා හැබැයි යම්කිසි විදියකට මේ රටේ ණය තිරසාර නැත්නම් ණය ගෙවා ගන්න හැකියාවක් නැත්නම් අපට IMF ඒකෙන් විතරක් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බැහැ කලින් දිගින් දිගටම කිව්වා වද නොදී මේ වැඩේ කරන්න මිනිස්සුන්ට මෙහෙම වද නොදී එදා 2020 IMF ගියානම් ප්‍රශ්නය මෙලහකටත් විසඳගෙන ඉවරයි දැන් අද ණය තිරසාර නැත්නම් අපිට ලෝකය ඉස්සරහ ලජ්ජවෙන්න සිදුවෙනවා. පොලු කාරයෙක් බවට පත්වෙනවා ඇයි ඒ ඇයි තවදුරටත් අපිට මෙහෙම කරන්නේ” හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසා සිටියේය .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්‍ ය.