ආණ්ඩුව අර්බුද හරහා හැංගිමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“අපේ රජයට පැහැදිලිව කියනවා මේ ගොල්ලන් හදන්නේ අර්බුද හරහා හැංගෙන්න කෝවිඩ් එකදී හැංගෙන්න හැදුවා දැන් හැංගෙයි ද දන්නෑ රුසියනු යුක්රේන අර්බුදය හරහා ඒකට වගකීම දාලා අපි කරපු දෙයක් නෙමෙයි වගේ කියලා හැංගෙයිද දන්නේ නැහැ . මේ අර්බුද නිසා අනාගතයේදී තෙල් මිල ඉහළ යන එක ගෑස් මිල ඉහළ යන එක තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන රජයක් කල්පනා කරන්න ඕන මමත් නැවත කියනවා වැරදි මූල්‍ය ප්‍රතිපත්ති වැරදි ආර්ථික ප්‍රතිපත්ති භාරව ඉන්න අය ගෙදර යන්න ඕන මුලින් පුද්ගලයන් ගෙදර යන්න ඕන මූල්‍ය භාරව ඉන්න මුදල් අමාත්‍යාංශය පුද්ගලයන් ඒකට වගකියන්න වෙනවා මහබැංකුවේ අයට වගකියන්න වෙනවා ඊට එහා යාවි කළමණාකාරීත්වයක් වරදිනවා නම් අනිත් එක අපි දිගින් දිගටම කියන්න දෙයක් තමයි ණය ගෙවන එක නෙමෙයි ප්‍රමුඛත්වය බෙහෙත් වලට ගෙවන එකයි අත්‍යවශ්‍ය ආහාර වලට ගෙවන එකයි තෙල් වලට ගෙවන ප්‍රමුඛත්වය අපි දිගින් දිගටම කිව්වේ ණය කාරයන්ව ගේනත් මේසෙ වටේ තියාගෙන ඒ අය එක්ක සාකච්ඡා කරලා ඒ අය එකඟ කරගෙන විශ්වාසය දිනා ගැනීමයි කියනවා දැන්වත් ඒක කරන්න හුඟක් අය කියනවා දැන් පරක්කු වැඩියි කියලා නමුත් දැන්වත් ඒක කරන්න එහෙම වුනොත් තෙල් බිල ගෙවා ගන්න පුළුවන් බව” මන්ත්‍රීවරයා පැවසීය .

තව දුරටත් කියා සිටියේ ,

“මේ ප්‍රශ්නවලට මේ ආණ්ඩුවෙන් අපිට නිසි පිළිතුරක් ලැබෙන්නේ නැහැ මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට වත් එන්නේ නැහැ ඒකයි ඇත්ත කතාව ඒ ගැන පාර්ලිමේන්තුවේදී ඇහුවම නැහැ ඉන්දියාවේ ගිහින් කියනවා ගිවිසුම් අත්සන් කරන්න නමුත් පත්තරේ බලන විට ඉන්දියාවෙන් එන්න එපා කියලා තියෙනවා පාර්ලිමේන්තුවට ආවෙත් නැහැ ඉන්දියාවට ගියේත් නැහැ ඉන්දියාවට ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරලා ලංකාවට සැපයුම් ලැබෙනවා නම් අපි ප්‍රසිද්ධියේම කියනව අපි ඒක අනුමත කරනවා අපිට ඕන නැහැ අපේ මිනිස්සු ෆාමසි වල ගිහින් රස්තියාදු වෙන්න බෙහෙත් නැතුව තෙල් පෝලිම් වල ඉන්න අපි ඒකට විරුද්ධයි රජයට අපි ඊට සහාය දෙනවා ඉන්දියාවේ ලබාගන්න පුළුවන් නම් හැබැයි ඉන්දියාවෙන් කියලා තියෙනවා එන්න එපා කියලා මං දන්නෙ නැහැ ඇයි කියලා මොකක්ද එතන වෙලා තියෙන්නෙ කියලා ඇත්තටම මේ අය මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ වෙන්නේ මොනවද මුදල් ඇමතිතුමා හැඟෙනවනම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිහිල්ල එයාව හම්බවෙන්න හොයන්න වෙයි ඒක කරේ නැත්නම් මිනිස්සුන්ට ගිහින් හම්බවෙන්න වෙයි ගිහින් කියන්න වෙයි මේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා පාර්ලිමේන්තුව හරහා එය කියන්න බැරි නිසා ” යන බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්ය .