විනිසුරු සරවනරාජාට අත නොතබනු!, වීරසේකරට නීතිය ඉටු කරනු!, උසාවිය නිහඬ නොකරනු! යන මැයෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල නිත්ඥවරුන් විරෝධතාවයක නියැලී සිටින බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
සරවනරාජා විනිසුරුවරයාට එල්ල වූ තර්ජන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පසුවදා පාර්ලිමේන්තුවේදී කල අත්තනෝමතික ප්‍රකාශයට මෙම විරෝධතාවයේදී දැඩි විරෝධය එල්ල වන අතර පසුගිය දින කිහිපයේදීම අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා හඬ නාගූ මුලතිව් නීතිඥවරුන්ද කොළඹට පැමිණ මෙම විරෝධතාවයේ නියැලීම දැකගත හැකි වේ.