පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මාතරට බලපෑ අධික ගංවතුර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් සඳහා බත් පැකට් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහනක් සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කර තිබේ.

මෙම වැඩසටහන මාතර ආසනයේ සමගි ජන බලවේග සංවිධායක බිමල් ජයසිරි මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ.