ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රෙග් බාක්ලේ මහතාට පාර්ලිමේන්තුවට ආරාධනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළා.

විපක්ෂ නායකවරයා පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර්ක්ලේ මහතාට එහිදී මන්ත්‍රීවරු 225ම හමුවිය හැකි බවත් මෙරට ක්‍රිකට් ගැටලුව ගැන ඔහුව දැනුවත් කිරීමට අවස්ථාව ලැබෙන බවත්ය.

‘අපි ඔහුව දැනුවත් කළ යුතුයි ,පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් යෝජනාව සම්බන්ධයෙන්. නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දේවි’ යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියා.