ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස ත්‍රස්ත විරෝධී පනත අවභාවිතා කරමින් රටේ වත්මන් දේශපාලන ව්‍යුහයේ ඇතිවි ඇති ගැටළු වලට පිළිතුරු සෙවීමට පියවර ගන්නා බවත් එම පනත සංශේධනය කරන බව පැවසුවද එම පනත මගින්ම ගොඩ යාමට රජය ක්‍රියා කරන බවත් ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඉම්තියාස් මහතා.

වසන්ත මුදලිගේ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට අරගෙන මාස දෙකක් ගත වෙනවා කිසිම චෝදනාවක් මේ වන තෙක් ඉදිරිපත් කර අධිකරණයට ඉදිරිපත් කර නැහැ. ත්‍රස්ත විරෝධී පනත යටතේ ඒ උදවිය අත්අඩංගුවට අරන් තියෙන්නේ .රජය කියල තියෙනවා ත්‍රස්ත පනත හකුල ගන්නවා අලුත් පනතක් ඉදිරිපත් කරනවා කියලා නමුත් තවමත් එය අවභාවිතා කරමින් සිටිනවා.අපේ රට මේ ගමන් කරමින් සිටින්නේ කොයි වගේ පාරක ද ,අපි ජීවත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකද පොලිස් රාජ්‍යයකද කියලා කල්පනා වෙනවා.ඒ විතරක් නෙමෙයි ආදිවාසී නායකයා වසන්ත මුදලිගේ වෙනුවෙන් කතා කළා එහිදී එතුමාට පවා තර්ජනය එල්ල වූ බව සමාජ මාධ්‍යයේ සඳහන් වුණා. එය කණගාටුදායක තත්ත්වයක් . මේ අපේ රටේ මානව අයිතිවාසිකම්, නිදහස් උරුමයන් සියල්ල අනතුරකට මුහුණ දී තිබෙන මොහොතක්. අධිආරක්ෂිත කලාපයක් ගෙනාවා ඒ වෙනුවෙන් ගැසට් එකක් ගහලා නැවත ඉල්ලා අස්කර ගත්තා පසුව ප්‍රචාරයක් යැව්වා දැනුවත්ව නෙවෙයි නොදැනුවත්ව අත්සන් කරපු දෙයක් කියලා එය කොච්චර බොළඳ ප්‍රකාශයක් ද ,.ඒ මදිවට දැන් ඉදිරිපත් කරලා තියෙනවා පුනරුත්ථාපන කාර්යාංශයක් ගැන. ජනතාව තමන්ගේ දුක, වේදනාව පිට කරලා පාරට බහිනකොට, සාමකාමී විදියට උද්ඝෝෂණ කරනකොට ,ඒවා මර්දනය කරන්න තර්ජනය ඉදිරිපත් කරන්න නීත්‍යානුකූලව ආයතන පිහිටුවන්න හදනවා. එක පිට එක බර පටවන කොට ඒවාට විසඳුම් නැහැ ඒ වෙනුවට ආන්ඩුවේ උත්තරය මර්දනය බවට පත්වෙලා තියෙනවා. කිසිම නඩු විභාගයක් නැතුව සොයා බැලීමක් නැතුව බලධාරීන්ට තීන්දු කරන්න පුළුවන් මෙයා පුනරුත්ථාපනය කළ යුතු ත්‍රස්තවාදියෙක් කියලා. උසාවි විභාගයක්, නඩුවිභාගයක් නැහැ. අපේ රටේ මීට කලින් මේ තත්ත්වය තිබුණේ නැහැ පුනුරුත්ථාපන කිරීම් කළේ 71 කැරැල්ලෙන් පස්සේ ලොකු වැරදි කරපු උදවියට සිර දඬුවම් දුන්නා. පොඩි වැරදි කරපු උදවිය පුනරුත්ථාපන තැන් වලට යැව්වා. අද මේක සම්පූර්ණයෙන්ම හමුදාවේ උදවිය යොදවලා කරන්න යන වැඩපිළිවෙළක අනතුරු ඇඟවීම් ජනතාව තේරුම් ගත යුතුයි.

පෙරේදා නාවලපිටියෙ සිදුවීමක් වුණා එය අපේ සමගි ජන බලවේගය සංවිධායක තුමන් ප්‍රමුඛ නාවලපිටියේ තමන්ගේ ජනතාව සමගි ජන බලවේගය කාර්යාල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් දැක්වූවා එය අපට අයිතියක් තියෙනවා ව්‍යවස්ථාවෙන් සාමකාමී විරෝධතා දක්වන්න, රැස්වෙලා අදහස් ප්‍රකාශ කරන්න. ඒ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් පැසිස්ට් ආකල්පයට කටයුතු කරමින් ඉන්නේ.මේ තත්ත්වය ඉතාම භයානකයි රජය පාරට බැස්ස අරගලයේ හිටපු උදවිය හැමෝගෙම ඉල්ලීම system change එකක්. අද ඒ වෙනුවට ආණ්ඩුව ඒ වෙනුවෙන් හඬ නඟන සියලු දෙනාම සහ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කරන විදියේ වැඩපිළිවෙලකට යමින් සිටිනවා. රට මෙච්චර අර්බුදයකට මුහුණ දෙමින් ජනතාව පීඩනය විඳිමින් සිටින වෙලාවේ ඒ හඬට ඇහුම්කන් දීමක් කරන්නේ නැතිව මර්දනය තුළින් පිළිතුරු දෙන්න පුළුවන් කියලා කල්පනා කරන ස්ථාවරයකට ආණ්ඩුව ඇවිත් තියෙන බවක් පේනවා.

රට අද ඉතිහාසයේ කවදාවත් නැති විදිහේ අර්බුදයකට මුහුණ දීලා. පුවත්පත්වල සදහන් වෙනවා ට්‍රිලියන 24යි අපේ ණය ප්‍රමාණය මේ අර්බුදයෙන් ගොඩ එන්නට මේ රටේ හැම පුරවැසියෙක්ම වගකීමක් තියෙනවා ඒ බර අපිට දරන්න සිදුවෙනවා. නමුත් ඒ පටවන බදු මුදල් වියදම් කරන්නේ කොයි විදියට ද, එය ජනතාවගේ යහපතට වැඩ කරනවද අද Daily ft පුවත්පතේ පළවෙනි පිටුවේ නිදහස් මූලාශ්‍රවල අදහස් තියෙනවා ප්‍රතිසංස්කරණ වගවීම සහ විනිවිද පෙනීම තිබිය යුතුයි කියලා ඒ වගේම ඒ ගොල්ලො චෝදනා කරනවා මේ සල්ලි 30%ක් යන්නේ පළාත් සභාවල පඩි ගෙවන්න සහ අනවශ්‍ය වියදම් වලට එහෙම කරන්න හොද නෑ ඒවා හරියට සිදු වෙන්න ඕනේ කියලා. ඒ වගේම අල්ලස් දූෂණ ඉහළ ගිහිල්ලා තෙල් ක්ෂේත්‍රයේ සිදුවෙලා තියෙන දූෂණ ගැන කතා කරනවා මේ පාලන කාලය තුළ කොච්චර දූෂණ ගැන කතා කරාද සීනි වංචා, සුදුලූනු, ගෑස් මේවා ජනතාවගේ බදු මුදල් මේවා අනවශ්‍ය විදිහට වියදම් කරන කොට අර්බුදයෙන් ගොඩ ඒම ගැන අපට හිතන්න පුළුවන් කමක් තියෙනවද,. ගන්නා වූ අධික බදු සමගින් රජයේ වගකීම සසදා බලන්න කියලා සඳහන් වෙනවා වැඩි කරන බදු ජනතාවගේ යහපතට පාවිච්චි වෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා විශ්වාසය සම්පූර්ණ බිඳවැටිලා එම පුවත්පතේ තියෙනවා වැදගත් දෙයක්. මුදලේ වටිනාකම සීයට සීයක් පහළ බැහැලා .ඒමදිවට පාරිභෝගික උද්ධමනය 68% කින් වැඩි වෙලා මිනිසුන්ට ලැබෙන ආදායම මේ තත්ත්වයෙන් තියෙද්දී ඒ සල්ලි වල වටිනාකම සියට සීයක් පහළ වැටිල තියෙන වෙලාවෙදි බදු බර උහුලන්න වෙලා තියෙනවා නමුත් ඒ ලබන බදු මුදල් ටික දූෂණයට නාස්තියට යන්නේ නැති බවට ජනතාවට උත්තර දෙන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. විනිවිද පෙනෙන තත්ත්වයක් තියාගන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒකයි නිදහස් මාධ්‍ය ඉල්ලන්නේ .ආණ්ඩුව ඒකට උත්තර දෙන්න ලෑස්ති නැහැ වචනයක් කතා කරන්නේ නැහැ නැති වෙච්ච මුදල් අයකර ගැනීම ගැන. කරපු දූෂණ වලට උත්තර දීම ගැන ජිනීවා සමුළුවේදී අපට ඇඟිල්ල දිගු වුණා ආර්ථික ඝාතන ගැන ඒවාට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගැනීම ගැන එක වචනයක්වත් කතා කරන්නේ නැහැ අර්බුදයක් තියෙනවා මුහුණ දෙන්න ඕන නමුත් අපි කරන කටයුතුවල විනිවිදභාවයක් පේන්න ඕන වගවීම තියෙන්න ඕන ජනතාවට මුදල් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මට මතක් වෙනවා සිඟාලෝවාද සූත්‍රයේ වචන කිහිපය ආර්ථික කළමනාකරණය ගැන මල නොතලා රොන් ගන්න කියල කියල තියෙනවා. බෞද්ධ ධර්මයේ ආචාර ධර්ම ගැන කතා කරලා බලයට පත්වෙච්ච ආණ්ඩුව අද මොකක්ද කරන්නේ හාත්පසින්ම වෙනත් මගක ගමන් කරමින් සිටිනවා.

විසි දෙවන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නමුත් ඒ පිළිබඳව එක ස්ථාවරයක් ආණ්ඩුවට නැහැ අච්චාරුවක් වෙලා තියෙන්නේ අපි විරුද්ධ පක්ෂයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කරලා තියෙනවා 21 සංශෝධනය අපේ දේශපාලන ව්‍යාපාරයෙ මහලේකම්තුමා ඉදිරිපත් කරල තියෙනවා පාර්ලිමේන්තුවට එහි අපේ ස්ථාවරය පැහැදිලිව දක්වා තිබෙනවා මැතිවරණයකදී අපි ජන වරමක් ඉල්ලනවා ජනතාවගේ අභිලාෂයන් පදනම් කරගත්ත අලුත් ව්‍යවස්ථාවක් සඳහා ආණ්ඩුව ඉදිරිපත් කරනවා ආණ්ඩුව තුළ ම ඒකමතිකත්වයක් නැහැ භේද තියෙන්නේ මෙහිදී ආණ්ඩුවේ ස්ථාවරය අනාත තත්වයේ තියෙනවා නමුත් අපේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා රජයට වගකීමක් තියෙනවා සාමූහිකව කතා කරලා එක ස්ථාවරයක ඉඳගෙන මේක ඉදිරිපත් කරන්න.