ග්‍රාම නිලධාරීන් සම්බන්ධයෙන් කිසිම සේවා ව්‍යවස්ථාවක් නැති බවත්, නව වැටුප් ප්‍රතිපත්තියක් නැති බවත් පැවසූ විපක්ෂ නායකතුමා, අණපනත් දෙසීයකට වැඩි ප්‍රමාණයක් ග්‍රාම නිලධාරින් විසින් ක්‍රියාත්මක කරනු ලබන බවද පැවසීය.

එවන් තත්ත්වයක් තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බවද පැවසීය.