ලෝකයට අණ බෙර ගසා වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ප්‍රති දුෂණ පනත හරහා ජනතා අභිලාශයන් කිසිවක් ඉටු නොවන බවත් එම පනත කිසිදු අර්ථයක් නැති පනතක් බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

රටේ ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් කොල්ල කෑ පුද්ගලයින් එම මුදල් ලංකාවේ ආයෝජනය කර නැති අතර එම ආයෝජනය කර ඇති රටවල් වලින් මුදල් ලබාගෙන නැවත මහා භාණ්ඩාගාරයට බාරදීම සදහා ජාත්‍යන්තර ආයතන රැසක් අප රටට සහයෝගය දැක්වීමට සිටින බවත් ලෝක බැංකුවට අනුබද්ධ star වැනි ආයතන සතුව එම බලය ඇති බවත් කිසිදු වගන්තියකින් ජාත්‍යන්තරය සමග සම්බන්දකම් නොපවත්වන මෙම ප්‍රතිදුෂණ පවත වැනි පනත් කිසිවකින් ජනතා අභිලාශයන් ඉටුකිරීමට නොහැකි බව එතුම මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම පනත ප්‍රතිඑලදායි නොවන ලෙස නිර්මාණය කිරීමේ අරමුණ දුෂිතයන්ට දඩුවම් දීම සහ කොල්ල කෑ මුදල් නැවත පවරාගැනීම ප්‍රමාද කිරීම බවත් මෙම පනත නිර්මාණය කිරීම තුලත් ඩීල් දේශපාලනය තිබෙන  බවත් පැවසූ ජී.එල්. පීරිස් මහතා මෙම පනත දත් නැති පනතක් බව අවධාරණය කළේය.