වත්මන් පාලකයෝ අසමත් වී ඇති හෙයින් පාර්ලිමේන්තුවේ ඇතුලත් පිටටත් මැර දේශපාලනය අරඹා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

විශේෂයෙන්ම අද මේ රටේ මර්දනය ගැන කතා කළ යුතුයි ආණ්ඩුවේ තියෙන මැරකම ගැන කතා කළ යුතුයි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටට පත් වෙද්දි කිව්වේ විනයගරුක රටක් හදනවා කියලා ඒ වගේම එතුමා කිව්වා එක රටක් එක නීතියක් කියලා දැන් ඔබතුමාල දන්නවා ආණ්ඩුව ගැන ආණ්ඩුව කරන දේවල් ගැන විවේචනය කරලා යම් කිසි විදියකින් එළියෙ කතා කළොත් ඒ අයව පහුවෙනිදා සීඅයිඩී එකට ගෙනියනවා දැන් පාර්ලිමේන්තුව ඇතුළෙ කතා කරපුවම පාර්ලිමේන්තුව රස්තියාදුකාරයන්ගේ මැරයන්ගේ මිනීමරුවන්ගේ දේශයක් වෙලා. දැන් ඇවිල්ලා තර්ජනය කරනවා ඒව කතා කරන්න එපා පාර්ලිමේන්තුවක් කියනවා ඒ කියන්නේ අපිට එළිය කතා කරන්න බෑ ඇතුලෙ කතා කරන්න බෑ ඒ අය අද පාර්ලිමේන්තුවට අපිට යන්න වෙලා තියෙන්නේ අද මරණයකට ගොදුරු වෙන්න යනවා වගේ යන්න වෙලා තියෙන්නේ .එවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුව ඇතුළෙ තියෙනවා. මේ මැරකම්, භීෂණය අපි කියනවා ජනතාවට තමුන්නාන්සේලාට හෙට දවසේ ගේ ඉස්සරහ ඉඳීවි කුඩුකාරයෙක් ගංජා කාරයෙක් මිනීමරුවෙක් තුවක්කුවත් තියාගෙන තමුන්නාන්සේලා පාලනය කරන්න අන්න එතනට යන්නේ .මොකද රටේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න බැරුව කන්න ටික මිනිස්සුන්ට දෙන්න බැරුව අඳින්න දෙන්න බැරුව බෙහෙත් ටික දෙන්න බැරුව ගෑස් ටික දෙන්න බැරුව අධ්‍යාපනය දෙන්න බැරුව රටේ පාලකයෝ අසමත් වෙන කොට තමයි මේ මැරකම ආයුධය අතට ගන්නේ ඒ නිසා එතනට රට වැටිල පාලකයොත් එතැනට ඇවිල්ලා ජනතාවට කියන හැට නම ලක්ෂ තමුන්නාන්සේලා කරපු දේ ප්‍රතිඵල අද මේ රටේ සමස්තයක් හැටියට සියලු දෙනාම බුක්ති වෙනවා රටට ඉදිරි කාලයේ දෙයියන්ගේම පිහිටයි.

හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ(05) විපක්ෂ නායක කර්‍යාලයේ දීය .