විදුලිය සම්බන්ධයෙන් රටේම සාකච්ඡාවක් තියෙනවා .ඒකට හේතුව විදුලිය කපාගෙන යන නිසා .එය මා දැකලා තියෙන්නේ වැඩියෙන්ම පසුගිය මාස තුන හතර නැත්නම් සාමාන්‍යයෙන් මා අවුරුදු 5 කට සැරයක් විදුලිය කැපීමක් තිබුණා නමුත් අද පවතින තත්ත්වය අනුව මේ විදුලි කැපීම හරියට කළමනාකරණය කර ගත්තේ නැත්නම් මේක දිගටම තියෙන්න පුළුවන් .

අපිට ඕන ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් එව මොන ආණ්ඩුව තිබුනත් සිදුවිය යුතුයි. පාරිභෝගිකයෙක් හැටියට අපිට විදුලිය කැපීමක් පිළිගන්න බැහැ එයට අප තිත තියන්න ඕන මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් විසදන්න බැරි ඒවත් තියෙනවා නමුත් මේක පුළුවන් ඒ නිසා මොන ආණ්ඩුව තිබුනත් විදුලිය කැපීම පිළිගන්න බැහැ ඒ ප්‍රතිපත්තියේ මෙන්න එතකොට කොහොමද මේ ජාතික ප්‍රතිපත්තිය ගොඩනඟන්නේ.

පුනර්ජනනීය බලශක්තිය

එහිදී අපට හරිත බලශක්තිය තියෙන්න ඕන.පුනර්ජනනීය බලශක්තිය වැදගත් වෙනවා. අපිට අද තියෙනවා ජලය මගින් නිෂ්පාදනය කරන විදුලිය, ඒ වගේම තෙල් වලින් හා ගල් අඟුරු වලින් විදුලිය නිෂ්පාදනය වෙනවා .එය වර්ෂාව අනුව වෙනස් වීම් වෙනවා .ගිගාවොට් පැය වලින් බැලුවොත් ගල් අඟුරුවලින් ආසන්න 2500 තියෙනවා තෙල්වල 3000 එකතු වෙනවා hydro වලින් 2000 වැඩි වෙන්න පුළුවන් .ඊට පස්සේ පුනර්ජනනිය 1400 තියෙනවා එය තව විදියකට කිව්වොත් පුනර්ජනනීය බලශක්තිය හයිඩ්‍රෝ, සුළං , හිරු එළිය හරහා ලැබෙන බලශක්තිය දළ වශයෙන් කියනවා නම් සියයට හතළිහක් විතර ලැබෙනවා .

එතකොට සියයට හැටක් විතර යන්නේ දෙයක් ටර්මල් එකට අපි බැලුවොත් නිෂ්පාදනය කිරීම kw ටවර් එක ඒකකයක් නිෂ්පාදනය කිරීමේ ගාන කීයද කියලා සාමාන්‍යයෙන් hydro එකක ගත්තොත් රු.හතක්, අටක් වගේ වෙනවා පුනර්ජනනීය බැලුවොත් හිරු එළියෙන් සුළං හරහා එන බලශක්තිය වලින් ඒ රුපියල් 17/ 18 වගේ වෙනවා හැබැයි අපි බැලුවොත් ගල් අඟුරුවලින් රුපියල් 40ක් 50 ක් විතර වෙනවා තෙල්වලින් දැන් ගත්තොත් රුපියල් 100කට කිට්ටු ඇති. එය වෙනස් වෙනවා මේ තව විදියට කිව්වොත් පුනර්ජනනීය බලශක්තිය නිර්මාණ නිෂ්පාදනය කිරීම අපිට ගල් අගුරුයි ඛනිජ තෙල් හරහා ලැබෙන බලය නිෂ්පාදනය කිරීමේ මිල වෙනස තුන් ගුණයක් පස් ගුණයක් අතර වෙනවා .

ඩිබෙට් එක තියෙන්නේ ඒක ගිවිසුමක් දිහා බලලා කියනවා මේක මීට වැඩිය අඩුවෙන් ගිවිසුම් ගතකරන්න තිබුනද නැද්ද කියන විවාදයක් තියෙන්නේ .හැබැයි ඊට වැඩිය විශාල විවාදයක් තියෙන පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණය රටේ වැඩි කරගන්න ඕන. මොකද අපිට තියෙනවා විදුලිය, සුළඟ තියෙනවා අපි වාසනාවන්තයි මන්නාරම් අවස්ථා තියෙනවා වැඩි කරගන්න අවස්ථාව තියෙනවා මේකට ජාතික ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යයි .

අපි 2022 දිහා බැලුවොත් ජූලි සිට දෙසැම්බර් වෙනකන් ඕනේ වෙනවා විශාල කිලෝවොට් පැය ගානක් .එහිදී කිසි වෙනසක් වුණේ නැත්නම් අධික මිලක් ගෙවන්න වෙනවා දැනටමත් විදුලියට ගෙදරට එන මිල අද පාර්ලිමේන්තුවේ විෂයභාර මැතිතුමා කිව්වා තුන් හාරසීය කින් විතර වැඩි කරන්න වෙයි වගේ කියලා ඇයි ඒක කරන්න වෙන්නේ නිෂ්පාදන මිල අධිකයි ජාතික ප්‍රතිපත්තිය වෙන්න ඕන නිෂ්පාදනයට වියදම් කරන ප්‍රමාණය අඩු කරගන්න එසේ කරගන්න පුලුවන් පුනර්ජනනීය බලශක්තිය වැඩිකිරීමෙන් වෙනසක් තියෙනවා පස් ගුණයක වෙනසක් තියෙනවා ඒ වැඩි කරගන්න ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන

අපි බැලුවොත් 2030 වෙනකන් රටට අවශ්‍ය විදුලිය සමහරවිට mw 6000 කත් ඕනවෙයි දැන් තියෙන මිල දර්ශන නොව ඩොලර් බිලියන පහක් හෝ හයක් අවශ්‍යයි එය පොඩි ගානක් නෙමෙයි විශාල මුදලක් අද අපි දන්නවා රට බංකොලොත් වෙලා තියෙන්නෙ එතකොට රජයට ආයෝජනය කරන්න ඩොලර් එකක් වත් නැහැ මං හිතන්නේ නැහැ මේක මේ අවුරුදු පහ හය තුළ වෙනස් වෙයි කියලා .ඊට වැඩිය හදිසි දේවල් තියෙනවා ඒ වගේම විදුලිබල මන්ඩලය දිහා විතරක් බැලුවොත් විශාල අලාභ තියෙනවා.

අගමැතිතුමා සතියේ මුල කතාව කරනකොට කිව්වා සිපීසී එකයි සීඊබී එකයි ශ්‍රී ලංකා එයාර් ලයින් විතරක් ට්‍රිලියනයක් බැංකුවලට ණයයි කියලා ආයෝජනය කරන්න කවුද ණය දෙන්නෙ දැනට මෙච්චර ණයක් තියෙනවා නම් ඒ වගේම පිලිබඳවත් අනුමානයක් තියෙනවා නම් කවුද ණය දෙන්න යන්නේ ඊට අපොහොසත් වෙනවා ඒ නිසා අපට ආයෝජනය අවශ්‍යයි ආයෝජන දේශීය වෙන්න පුළුවන් විශාල ඒවා එන්න ඕන එහිදී ආයෝජන රට තුළට එනවා ඒ වගේම අපි බලන්නේ ඒක තරගකාරී ක්‍රමවේදයට ටෙන්ඩර් එකක් ඉන්දියාවේ අදානි සමාගමෙන් කරනවා කියලා දැන ගන්න ලැබුණා ඒ ගැන කැබිනට් පත්‍රිකාව ගොස් දාලා තියෙනවා.

අපිට විදේශ සමාගම් යන එක ප්‍රශ්නයක් නැහැ ලොකු ආයෝජකයන් එන එක ප්‍රශ්නයක් නැහැ ඒ දේ වෙන්න ඕන අපි අනිවාර්යෙන්ම බලන්න ඕන එය තරගකාරී මිලකට එනවද කියලා.

ඉරාන් වික්‍රමරත්න මැතිතුමා දැක්වූ අදහස්.