රටේ තවමත් පෝලිම් අඩුවෙලා නැහැ. අලුත් අගමැති තුමා ආවට පස්සේ එතුමාගේ ළඟ හිටපු අය කිව්වේ පැය 48 ක් යනවිට පෝලිම් නැති කරනවා කියලා .ලෝකයේ රටවල් වල ඉන්න යාලුවෝ උදව් කරනවා කිව්වා නමුත්. සිදු වුණේ රටේ තිබුණු පෝලිම වැඩි වුණ එකයි .එක පෝලිම අද පෝලිම් හතරක් වෙලා. පාරේ යන්නත් ඉඩ නැහැ පෝලිම් ප්‍රමාණය වැඩි කරපු අග්‍රාමාත්‍යවරයකු පත්වෙලා ඉන්නවා.

මේ මොහොතේ සමස්ත රටම කෑගහල කියනවා GotaGoHome කියලා.

ඊයෙ මැච් එකේදීත් තරුණ කණ්ඩායම් කෑ ගැහුවා Gota go home කියලා. ඒ කෑගහන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට නෙමේයි ඒ තුලින් අගෞරවයක් වෙන්නේ රටේ ජනාධිපතිවරයාට එතුමා දැනගන්න ඕන ජනාධිපතිධූරයේ ගෞරවය රට තුළ ආරක්ෂා කරගන්න ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කරගත යුතුයි.

දැන් විනාශ වෙන්නේ රටේ ගෞරවය කීර්තිනාමය ඒ නිසා අපිට මේ ශ්‍රී ලංකාවට තියෙනවා විශාල ගෞරවයක් එය විදේශ රටවල් වල ජාත්‍යන්තර වශයෙන් විශාල ගෞරවයක් තිබුණ රටක් .අද සමහර රටවල කඩවල් , දේවාල හා ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථානවල පුංචි කැටයක් හදලා තියෙනවා එය ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා කියලා එතන ගහලා තියෙනවා අද අපිව හිඟන්නෝ බවට පත් කරලා ඉවරයි .එයට ප්‍රධාන හේතුව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මොකද එතුමා කියනවා අසමත් කෙනෙක් හැටියට ජනාධිපති කාලය අවසන් කරන්න බැහැ කියලා .

එහෙනම් අපි අහනව අසමත් කෙනෙක් හැටියට ජනාධිපතිධූර ඉන්න පුළුවන් ද කියලා .

එතකොට අසමත් කෙනා සමත්වෙන්න පාවිච්චි කරන්නේ කාවද .රටේ සමස්ත ජනතාවම අසමත් කරපු අග්‍රාමාත්‍යවරයෙක් එහිදී සියල්ලම අසමත් රට දිනෙන් දින කඩාගෙන වැටෙනවා. ‍

අග්‍රාමාත්‍යවරයා විදියට අගමැති තුමා රටේ ප්‍රශ්න ටික කියනවා අඳෝනාවක් කියවනවා විදියට තෙල් නැති එක බෙහෙත් නැති එක ආහාර නැති එක gas නැති එකේ සියල්ලම එතුමා කියනවා ඒක අමුතුවෙන් කියන්න ඕන නෑ ජනතාව හැමදාම අත්විඳිනවා ඒ වගේම මේ රට නැවත සංවර්ධනය කරන්න වෙන්නේ 2048 යෙදී බවත් කියනවා එතකොට එතුමා කියනවා සල්ලි හම්බ වුනොත් මට මේ රට කරන්න පුළුවන් කියලා මේ කතාව කියන්න මොන කෙංගෙඩියටද තනතුර භාර ගත්තේ සල්ලි හම්බ වෙනවා නම් කවුරු ඔතන තිබ්බත් කරන්න පුළුවන් හැබැයි අගමැති පත් වුණේ සල්ලි ගේනවා කියලා අද කියනවා සල්ලි ලැබුණොත් හදන්නන් කියලා.

ඒකට අමුතුවෙන් කවුරුත් නැහැ මේ යන්නේ වෙන කාරණාවක් නෙමෙයි මේ රටේ බංකොලොත් වෙච්ච ජනතාවට රට එපා කරපු රට එලවන්න කියපු රාජපක්ෂලාව ආරක්ෂා කරන වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ ලව්වා කර ගන්නයි හදන්නේ එකේ එකක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අස්වීම ඒ වගේම බැසිල් ජීවත්වීම අපට ප්‍රශ්නය තියෙන්නේ ඒ ධූරයට එන්නේ ආදායම් බදු පොලු තියපු රටේ ජනතාවගේ ශ්‍රමය සූරා කන කවුරුහරි දෙයිද රාජපක්ෂලා ආරක්ෂා කරගෙන රාජපක්ෂලා ගේ අනාගත රටේ ජනාධිපති අගමැති සිහින වෙනුවෙන් කෙනෙක් එයි ද එම නාට්‍ය හැදෙන්නේ රාජපක්ෂලා වික්‍රමසිංහලා එකතු වෙලා කියන එක රටේ ජනතාව දැනගත යුතුයි.

බලන්න අද රට කොතනද තියෙන්නෙ කියලා. ජනතාව ඉන්නේ ඉතාමත් මානසික පීඩනයකින්. තමුන්ගේ අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක ඉදලා ප්‍රශ්නයක් එළියට බහිනකොට දරාගන්න බැරි තරම් ප්‍රශ්න ඒ තුළින් පා රෙදි ප්‍රශ්න ඇතිවෙනවා.

පෝලිම්වල පීඩනය විද ගන්න බැහැ රැකියා ස්ථානයේ විද ගන්න බැහැ ඒවා එහිදී මේ රටේ දරුවන්ට මොකක්ද වෙන්නේ අද ත්‍රිපෝෂ ටික නැතිවෙලා කිරිපිටි ටික පෝෂදායි ආහාර වේල නැතිවෙලා එතකොට මේ රටේ අනාගත පරපුරට මොකද වෙන්නේ හිතන්න බැරි මිනිස්සු ටිකක් අනාගතයේ බිහි වෙනවා අපේ දරු පරපුරට අවශ්‍ය ශක්තිය නැති වෙනවා එහිදී ශ්‍රී ලංකාවට කඩා වැටිච්ච රටක් විදියට නම් වෙනවා මේ වගකීම් වල දී මාධ්‍යයෙන් ඉල්ලනවා වැඩිපුර කතා කරන්න විද්වතුන් වෛද්‍යවරුන් රටේ ජනතාව රකින සංවිධාන සියල්ල සමග කතා කරන්න මේ හදන අලුත් වැඩපිළිවෙළ අයවැය යටතේ දරුවන්ගේ අනාගත පෝෂදායි වැඩපිළිවෙළ සකස් කළ යුතුයි කියන පණිවිඩය හැම නායකයෙක්ම බලකරලා සෑම ජන කොටසකටම බල කරල කරන වැඩපිළිවෙල මාධ්‍යයෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා .අපි දන්නවා මේ මොහොත වන විට රටේ ආර්ථිකය කඩා ගන්නෙ කොහොමද කියලා අද කඩවල් වහලා වහලා ප්‍රධාන හෝටල් වහලා සියල්ල කඩා වැටිලා එසේ කඩා වැටෙන කොට දම්වැලක් ලක් විදියට සියලු අංශ එකින් එක කඩාගෙන වැටෙනවා .

එහිදී මේ අරගලය වෙන්න පුළුවන් වෙනත් විදිහකින් ජනතාව එළියට බැහැලා මොකද්ද කිව්වේ වෙනස් කරපල්ලා මේ කරන ක්‍රමවේදය කියලා එහිදී අදහස් වෙන්නේ වෙන මොකවත් නෙමෙයි ගන්නා වූ තීන්දු තීරණ රට වෙනුවෙන් ගන්න කියන තීරණ ගන්න කියලා කියන්නේ.

මේ වෙලාවේ පොහොර ප්‍රශ්නයේදී පොහොර නෑ විතරක් නෙමෙයි මිටියක් ආවොත් රුපියල් 3500 ට තිබිච්ච එක දහදාහක් පහළොස් දාහක් දැන් හැට දාහට වත් යාවි කොහොමද මේ රටේ ගොවිතැන කරන්නේ ඒ නිසා මේ ආණ්ඩුවෙන් ඉල්ලුවේ අරගලයත් එක්ක ක්‍රමවත් සැලසුම් සහගත වැඩපිළිවෙළක් හදන්න කියලා ආනයනය අඩු කිරීම අපනයනය වැඩි කිරීම සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම හා ආයෝජන වැඩි කීරීම ඒ හා සමානවම ණය ගන්නවා විතරක් නෙමෙයි පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න ජීවත්වෙන්න ණය ගන්න එක නෙමෙයි කරන්න ඕන හදිසි අවස්ථා සඳහා වැඩපිළිවෙළක් කමක් නැහැ හැබැයි සමස්තයක් විදියට රට ඉල්ලුවේ ක්‍රමවේදය සකස් කරල මේ රට තවදුරටත් ණය කරන වැඩසටහන නෙමෙයි සංවර්ධනය කරන වැඩසටහන හදන්න ඒවා වෙනුවට තවදුරටත් මේ අය ගේම් ගහන්න හැමදාම කටයුතු කරනවා ජනතාවගේ අසරණකම පාවිච්චි කරලා ගේම් ගහන ක්‍රමවේදයක් අද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ .

අද කර්මාන්ත ක්ෂේත්‍රයේ කඩාගෙන වැටිලා ඒවා ගොඩ නංවන්න කිසිම වැඩපිළිවෙළක් නෑ මේ ඉන්න කණ්ඩායම හැදුවේ කවුද මේ ඇමැතිවරු විදියට පත් කළේ අගමැති විදිහට පත් කලේ කවුද 2004 ඉඳන් බලන්න කවුද මේ රටේ ඇමතිවරු කියලා කවුද පාලනය රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ .මේ පවුල් දෙක තමයි මේක කරේ දිගටම දැන් නැවත වතාවක් පත්වුනේ එයාමයි ඊළඟට මොකක්ද ඇමතිවරු ටික චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කාලෙත් ඇමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කාලෙත් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයෙත් ඇමති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ කාලෙත් ඇමති දැනුත් ඇමති හැබැයි ලැජ්ජා නැතුව ඇවිත් කියනවා එළියෙ මේ රටේ මේ කරපු දේවල් සියල්ල සාර්ථකයි කියලා එසේ කියන්නේ කවුද එදා ඉඳලා ඇමැතිකම හම්පඩ වෙච්ච කණ්ඩායම අලුත් වැඩපිළිවෙළක් හැදුවද නැහැ .

නැවත වතාවක් පරණ වෙච්ච පිලුණු වෙච්ච කණ්ඩායමක් නායකයො එක්ක මේ රට සම්පූර්ණම ඉවර කරනවා ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු කර්මාන්ත ශාලා සියල්ල පිටරටවලට යන්න හදනවා මේ රටේ ශුමය බුද්ධි ගලනය සියලු දෙනා රට දාලා යන්න හදනවා වෛද්‍යවරුන් ගුරුවරු සියලු දෙනාම රට යන්න හදනවා ඒ හොඳම කණ්ඩායම එහිදී පරඬැල් ටිකක් ඉතුරු වෙයි ඒ කට්ටියත් එක්ක තමයි රට කරන්න වෙන්නේ.

විකුනනවා කියලා මේ රටේ හැම දේම විකුණන්න බැහැ එයට ක්‍රමවේදයක් තියෙන්න ඕන අඩුගානේ තවමත් තෙල් ටික හරියට ධීවරයාට දෙන්න ගොවියට දෙන්න අත්‍යවශ්‍ය සේවා සදහා දෙන්න වැඩපිළිවෙළ නිසි ක්‍රමවේදයක් ගැන එක තැනකවත් සකස් කරලා නෑ තවමත් ඕන කෙනාට නෙමෙයි තෙල් ටික ලැබෙන්නේ ඒ නිසා මේවා සියල්ලම විහිළු තහළු වෙලා කඩාගෙන වැටිලා කිසිම ගාණක් නැතුව තමුන්ගෙ වැඩ කරගෙන ජනතාවට ඉන්න වෙලා ඉන්න යුගයක් අද ඒ ලැබිලා තියෙන්නෙ. සමගි ජන බලවේගය සූදානම් වෙලා ඉන්නවා ඉදිරියේදී මේ රට ගොඩනගන්න.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා දැක්වූ අදහස්.