අපේ රට පාරාදීසයක් යැයි කීවාට සත්‍ය වශයෙන් ම කළ යුත්තේ අධ්‍යාපන පාරාදීසයක් මෙන්ම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට රට ගොඩනැගීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අධ්‍යාපන සමාජ බෙදීම වහා නතර කළයුතු බව කී විපක්ෂ නායකතුමා ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළයුතු යැයිද පැවසීය.

අධ්‍යාපන පරාදීසය වෙනුවට රට මත්ද්‍රව්‍ය පරාදීසයක් වී ඇති බව කී විපක්ෂ නායකතුමා, මත් ද්‍රව්‍ය මාෆියාවට ආණ්ඩුව බය බවද කීය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දැඩි දඬුවම් ලබා දීම සඳහා රටේ අධිකරණ පද්ධතිය අතිශයින් ස්වාධීන විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා මත් උවදුර මර්දනය කළ හැක්කේ ඒ හරහා බවද පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර  දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 48 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් ම/ප නාවුල ශ්‍රී නාග ජාතික පාසැලට අද (21) පරිත්‍යාග කරනු ලැබීය. එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.