සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට ආර්ථිකය පිළිබඳව විවාදයකට ආරාධනා කරමින් සිදුකළ අභියෝගට, ජාතික ජන බලවේගය විසින් ප්‍රති අභියෝගයක් ඉදිරිපත් කර තිබේ. ඒ පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර පැවැත්වීමට අභියෝග කළ විවාදය පක්ෂ නායකයන් වන සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමටයි.

මෙයට පිළිතුරු දෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටින්නේ සමගි ජන බලවේගයෙන් කළ අභියෝගයට සුනිල් හඳුන්වති මහතා විසින් ප්‍රති අභියෝගයක් එල්ල කර ඇති බවත් අභියෝගයකට අභියෝග නොකොට ප්‍රති අභියෝග ඉදිරිපත් කරමින් ජාතික ජන බලවේගය සිදුකරන්නෙ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ අභියෝගයට බයේ පැනයාමක්  බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ආර්ථික කමිටු අතර විවාදය වගේම ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහතා සහ අනුරු කුමාර දිසානායක මහතා අතර විවාදයකට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අභියෝගවලට ප්‍රතිඅභියෝග ඉදිරිපත් නොකර සෘජුව ඕනෑම අභියෝගයකට මුහුණ දෙන නායකයෙක් බවත්ය.