වර්තමානයේ රට තුල කතාබහට ලක්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සිදුවී ඇති වංචා දුෂණ රාශියක් පිලිබදව අද පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ හෙළිදරව් කල අතර එම පාර්ලිමේන්තු  කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් ස්ථිර කරන ලදි.

සභාව අමතමින් හේෂා මන්ත්‍රීවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය ඉතාමත් දූෂිත ආයතනයක් වී ඇති බවත් එම සංගමයේ කාර්යයන්ට ක්‍රීඩා ඇමතිවරයටවත් ඇත පෙවිය නොහැකි බවත් ක්‍රීඩා සංගම එසේ තිබුයදී ප්‍රාදේශීය ක්‍රිකට් පරිපාලනය මුදල් උපයන ව්‍යාපාරයක් සහ දූෂිත දේශපාලන දාරාවේම ගොදුරක් වී ඇති බව ඒ ඒ ප්‍රදේශයන්හි ක්‍රිකට් පිලිබදව වගකිවයුත්තන් දෙස බැලූ විට පැහැදිලි වන බවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රගතිශීලි පීරිස්, දුෂණයෙන් පිරී ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට උත්සහ දරන අවස්ථාවේ එක එක පාර්ශවයන්ගෙන් තර්ජන ගර්ජන පවා මේ වන විට ඇතිවී තිබෙන බව පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති, උපසභාපති, ඇතුළු විධායක ධුරාවලි හොබවන පුද්ගලයින් සුර සැප විදිමින් රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීමට තිබෙන මුදල් වගකීම් විරහිතව නැති නාස්ති කරන පසුබිමක ප්‍රාදේශීයව සහ පාසල් මට්ටේමේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන දුවාදරුවන්ට අත්ව ඇති ඉරනවා ඉතාමත් කෙදවචකයක් බව හේෂ විතානගේ මන්ත්‍රීවරයා සභාවේදී සංවේදීව කියා සිටියේය.

අවසාන වශයෙන් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කිසිදු භේදයකින් තොරව අද දිනයේ සිට හෝ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම සමස්ත ක්‍රීඩාව නාග සිටුවීමට කටයුතු කලයුතු බවත් ඒ සදහා විපක්ෂයේ සිට පුර්ණ සහයෝගය ලබාදෙන බවත්ය.