ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය ධුරය ලබා ගැනිමට රනිල් වික්‍රමසිංහ මහතා ගිය මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන් 250,000 ක පක්ෂිකයන් පවා දුන් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

අග්‍රාමාත්‍යවරයා විමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අප්‍රසාදය පළ කරන යෝජනාවට සහයෝගය ලබා දෙන බව පැවසූවත් එහෙත් අග්‍රාමාත්‍ය ධුරයෙන් ලබා ගත් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට අද සහයෝගය ලබා දුන් බවත් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය .

නියෝජනය කතානායක ධූරය සදහා කාන්තාවක් පත් කරන ලෙස පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවත් සමගි ජන බලවේගයෙන් රෝහිණි කවිරත්න මන්ත්‍රීණිවරිය නම් කළාත් ඒ පිළිබඳ අද රනිල් වික්‍රමසිංහ මහතා වචනයක් අද පාර්ලිමේන්තුවේ කතා නොකළ බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 52ක් සිටියත් රෝහිණි කවිරත්න මන්ත්‍රීණිවරියට ඡන්ද 78 ක් ලැබුණු බවත් ආණ්ඩුවට ලැබුණේ ඡන්ද 109ක් බවත් ආණ්ඩුවේ සරල බහුතරය අද නැති වු බව ද, කියා සිටියේය .

රනිල් වික්‍රමසිංහ මහතා හය වතාවක්‌ අග්‍රාමාත්‍යවරයා වූවාත් රට පාලනය කළේ වසර 7ක් බවයි අශෝක් අබේසිංහ මහතා කියා සිටින්නේ .

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සල්ලි හොරාට අච්චු ගසා රටේ ආර්ථිකය විනාශ කළා බවත් රනිල් වික්‍රමසිංහ මහතා සල්ලි අච්චු ගසන බව එළිපිට කියමින් රටේ අර්ථිකය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ