රනිල් වික්‍රමසිංහ මහතා එකගතාවයකට පැමිණියේ මේ රටේ මූලික විපක්ෂය සමග නොව කවදත් එකඟතාවයන් වලට පැමිණෙන්නේ මේ රටේ රාජපක්ෂ නඩය සමඟ බව ජනතාවාදී බුදධි මණ්ඩපය විසින විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහීන් මෙන්ඩිස් මහතා පැවසීය.

ඔහු එහිදී කියා සිටියේ ,

“මෙය අරගලය සම්බන්ධවයි ඉතාමත්ම පැහැදිලිව සමගි ජන බලවේගය මූලික රටේ ප්‍රධාන ජන පදනමක් ඇති විපක්ෂය දකින්නේ කොහොමද අපි මේ අරගල වාදීන් ප්‍රාර්ථනා කරන්නා වූ සමාජ ප්‍රතිසංස්කරණ ඉතාමත්ම ඉහලින් අගය කරනවා .මම කිව්ව සමාජ සංයුතිය සහමුලින්ම කඩා වැටී තිබෙන මොහොතක පැලැස්තර අලවලා වාහන වලට තෙල් ටිකක් හොයාගෙන මේ කතන්දරය අවසන් කරන්නට බැරි බව ඒ පරිණත සටන්කාමි අරගල වාදීන් පෙන්නුම් කරන්නා වූ සත්‍ය එයයි.

වර්ගවාදය නානාප්‍රකාර බෙදුම් වාදී ආකල්ප පරාජය කරමින් දේශපාලන පක්ෂ බේදයක්, පන්ති බේදයක් නැතුව ඒ උදවිය ඒ සටනට පිවිසි තිබෙන්නේ ප්‍රතිසංස්කරණ ව්‍යුහාත්මක සිද්ධාන්තමය ප්‍රතිපත්තිමය වෙනසක් ඔවුන් ප්‍රාර්ථනා කරන නිසයි .සුවපත් කළ යුතුයි දේශය කියන ඒ අරමුණ ඇතිව ඔවුන් ඒ අරගල බිමට එනකොට විපක්ෂයේ මූලික පක්ෂය වශයෙන් අපි ඔවුන්ගේ හදවත හරියාකාරව තේරුම් ගෙන කටයුතු කළ යුතුමයි කියන කාරණාව අපි විපක්ෂය විදිහට සමගි ජන බලවේගය විදිහට නියෝජනය කරන්නා වූ උදවිය විදියට ප්‍රකාශ කරනවා.

ඒ නිසා අපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පරිනත නායකත්වය තුළ මොන ආකාරයෙන් බලපෑම් එල්ල කළත් ඔහුට මොන ආකාරයේ අවමන් කරන්නට බැලුවත් අපි එක දෙයක් කියනවා තරුණ සංසන්දනාත්මකව තරුණ නායකයෙක් විදියට වඩාත් තරුණ නායකයෙක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා අරගලයේ අරමුණු පරාජය කරන්නට ඔහුට පාර කළ බිමේ යම්කිසි කූට උපක්‍රමශීලී කණ්ඩායමක් විසින් පහර දීලා යම්කිසි ජන මතයක් නිර්මාණය කරන්න ඇවිද්දා නම් අරගල දිමි ඉන්නේ ත්‍රස්තවාදීන්ය ඒ නිසා තවදුරටත් සැලකිය යුතු නැත ඔවුන්ට වෙනම න්‍යාය පත්‍රයක් තිබෙනවාය කියලා අපි සමගි ජන බලවේගය විදියට කියන්නේ සිම හේතුවක් උඩ අප අරගල වාදීන් සමග කරන්නාවූ එකඟතාවය ප්‍රතිපත්තිම එකගතාවය අපගේද ප්‍රතිපත්තිමය එකඟතාවය බව අවධාරණය කරන්නට කැමතියි.

මේ රටේ වත්මන් අගමැතිවරයා ඇතුළු ඔහු නිර්මාණය කරන්නට යන්නා වූ ආණ්ඩුව ගැන යමක් කියන්ට ඕන ඔහුට අපි කිව යුතුව තිබෙනවා ඔබ දේශපාලන තොත්ත බබෙකු වියයුතු නැත රටේ මූලික විපක්ෂය සමග ඔබ ගනුදෙනු කළ යුතුව තිබුණා ඔබ එකඟතාවයකට එන්නට තිබුණා. නමුත් ඔබ කවදත් සොරකම් කරපු මේ රාජපක්ෂ නඩය මේ රාජපක්ෂ ආණ්ඩුව ඔබව ඔවුන් ආරක්ෂා කළා ඔබ ඔවුන් ආරක්ෂා කළා ඔබ එකගතාවයකට පැමිණියේ මේ රටේ මූලික විපක්ෂය සමග නොවෙයි ඔබ කවදත් එකඟතාවයන් වලට පැමිණියේ මේ රටේ රාජපක්ෂ නඩය සමඟයි ඒ නිසා ඔබට කිසිම සදාචාරාත්මක අයිතියක් තිබුණෙ නැහැ මේ රටේ ජනතාවගේ ජන ජීවිතය සහමුලින්ම විනාශ කරපු කඩාකප්පල්කාරී මේ නඩය සමඟ ඔබ එකගතාවයකට ඇවිත් ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියන කාරණාව ඔබ විසින් තේරුම් ගත යුතුයි. වයස අවුරුදු හැත්තෑවක් වැඩි මිනිසෙකුට මෙලෙස කතා කරන්නට සිදුවීම මටත් ලැජ්ජාවක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු විදියට ඔබ මීට වඩා පරිණත විදියට කටයුතු කළේ නැත්තං මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති වෙන්න හිංසනය තව දෙගුණ තෙගුණ වෙනවා කියන එක මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පස්ස දොරෙන් ආපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි අවධාරණය කරනවා.”