පාස්කු ප්‍රහාරකයින් නීතියෙන් බේරුනත් දෙවියන් වහන්සේලාගෙන් හා විශ්වයෙන් බේරිය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට දඩුවම් ලැබෙන බවත් පාස්කු ප්‍රහාරය ආපස්සට ඇවිත් දැන් මේ ආණ්ඩුවට පිස්සු හැදී ඇති බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය. සහාරන් ඇතුළු කණ්ඩායමට මේ ආණ්ඩුවෙන් පඩි ගෙවා ඇති බව මේ ආණ්ඩුවේම අය පිලිගත් බවත් එය සරත් ෆොන්සේකා මහතා හොදින් දන්නා බව පැවසීය.

කුමාර වෙල්ගම මහතා තව දුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාට රට පාලනය කිරිමට නොහැකි බව මහින්ද රාජපක්ෂ මහතාට මුලින්ම පැවසූ බවත් එ සදහා දැණුම හා අත්දැකීම් ඇති අය මේ සභාවේ සිටින බවයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදීය.

.