සමගි ජන බලවේගය මූලික කරගත් විපක්ෂයේ පුළුල් සන්ධානයක්නිර්මාණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ එළඹෙන ජනාධිපතිවරණයෙන් ආරම්භ කර මහමැතිවරණ දක්වා මෙම පුළුල් සන්ධානයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැඩී ගිය ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස සම්මුතියේ ගමන නමින් ආරම්භ කළ දේශපාලන ක්‍රියාදාමයේ ඉදිරි ගමන් මග මෙම සන්ධානයත් සමග ගමන් කරන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වර්තමාන රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයේ සියලු බලවේග සහ ප්‍රගතිශීලී කණ්ඩායම් අත්වැල් බැඳ ගනිමින් කටයුතු කළ යුතු බව ඒ මහතා පැවසීය.


“අපි විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානය හදන්න අවශ්‍යයි කියලා ඉතා පැහැදිලි මතයක ඉන්නවා. ඒ සමගි ජන බලවේගය ඇතුළුව. දේශපාලනය  කියන්නේ වෙන අයට ඕන විදිහට වැඩ කරන එක නෙමෙයි. අපි මේ රටේ ජනතාව සමඟ විවිධ සාකච්ඡා කරමින් කියන්නේ විපක්ෂයේ ප්‍රධාන ධාරාව කියන්නේ සමගි ජන බලවේගය. විපක්ෂයේ ප්‍රධාන ධාරාව මුල් කරගත්ත පුළුල් දේශපාලන ධාරාවක් හදන්න ඕන. ඒ පළල් දේශපාලන සන්ධානය තමයි අප ආමන්ත්‍රණය කරන්නේ. ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත