කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත අද පෙරවරුවේ අදාළ යෝජනාව භාරදීමට බලාපොරොත්තු වන බවයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට බාරදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරනවා.

විශ්වාසභංග යෝජනාවට අත්සන් ලබාගැනීමේ කටයුතු පසුගිය දිනවල සිදුවුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උත්තර ලංකා සභාගය සහ ජාතික ජන බලවේගයද මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පලකරන ලදි.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට තීරණය කළා.

කතානායකට එරෙහි විශ්වාසභංගයට විපක්ෂ නායක සජිත් සමඟ මහාචාර්ය ජී. එල්. පීරිස් එක්වෙයි (VIDEO)

Online පනතේ අඩුපාඩු නිවැරදි නොකලොත් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් කියයි

Online පනත අත්තනෝමතිකව සම්මත කර ගැනීම නිසා, කතානායකට විරුද්ධව සජබෙන් විශ්වාසභංග යෝජනාවක්

සජබ ප්‍රමුඛ විපක්ෂය ගෙන එන කතානායකට එරෙහි විශ්වාසභංගයට, විමල් පිලේ සහය

විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය පළකරයි