යටිනුවර විජිතසිරි නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දින පින්කම් මාලාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය. උන්වහන්සේ ගල්කිස්ස බඩෝවිට ශ්‍රී ජනනන්දනාරාමාධිපති ලෙස කටයුතු සිදුකරයි.

එහිදී ගරුතර මහා සංඝරත්නය සමග බොහෝ වේලාවක් සුහද සාකච්ඡාවකද යෙදුනු විපක්ෂ නායකවරයා විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත් වලට ද සහභාගි විය.

විහාරස්ථානයට සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සමග අදහස් හුවමාරු කරගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.