මේ වන විට කොළඹ ප්‍රදේශයේ අපක්ෂපාතිව හා විනිවිදබවයකින් යුතුව සේවය ඉටුකරන විනිශ්‍යකරවරුන් ගණනාවක් මාරු කර යැවීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවත් ඒ පිලිබදව අපක්ෂපාතිව සොයාබලන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

විද්‍යුත් මාධ්‍,ය මුද්‍රිත මාධ්‍ය හා වර්තමානයේ බහුලව භාවිතා වන සමාජ මාධ්‍ය මර්ධනය කිරීමට රජයේ උත්සහයක් තිබෙන බව විපක්ෂ නායක වරයා මෙහිදී පැවසු අතර මාධ්‍ය විසින් ස්වයං නියාමනයක් පවත්වාගෙන යාම ඉතා වැදගත් බව පැවසීය. එසේම රජය විසින් මාධ්‍ය මර්ධනය කිරීම ඒකාධිපති ස්වභාවක් බවත් එතුමා අවධාරණය කළේය.

වර්තමානයේ නැවත නැවතත් සත්‍ය මතුවෙමින් තිබෙන පාස්කු ප්‍රහාරය යලි විමර්ශනය කිරීමට ඒ පිලිබදව දැනුමක් සහ උවමනාවක් තිබෙන ශානි අබේසේකර මහතාට බාරදෙන ලෙසත් 2019 පොදුජන පෙරමුණට ජනතාව වරමක් ලබාදෙනු ලැබුවේද මෙම පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කිරීමට බවත් අපේ රටේ සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර සහය අවශ්‍ය නැති බවත් එසේ ජාත්‍යන්තර නාලිකා තුලින් අපේ රටේ සිදුවීම් පිලිබදව හෙළිදරව් කිරීමක් අවශ්‍ය නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසු අතර, ඒ ආකාරයෙන් අපේ රට තුල විනිවිදභවයකින් යුතු අපක්ෂපාති පරීක්ෂණ සිදු වෙන්නෙ නැතිනම් අනිවාර්යෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයක් හෝ පවත්වා වින්ධිතභාවයට පත්වූ සියල්ලට යුක්තිය ඉටුකරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා ජනාධිපතිකම් අරගෙන, ආණ්ඩු පිහිටුවල, මන්ත්‍රීකම් අරගෙන අද මේ පිලිබදව ව්‍යාජ මත ප්‍රකාශ කරලා තේරුමක් නැති බවත් අපට අවශ්‍ය සත්‍ය පමණක්ය වන අතර මඩ දේශපාලනය ක්‍රියාත්මක කිරීමට සුදානම් නැති බවත් නිසි ආකාරයෙන් පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශනය කල ශනි අබේසේකරව සිරගත කිරීම තුලින්ම යම් යම් දේ පිලිබදව සත්‍ය හෙළිදරව් වන බවත් මෙම ප්‍රහාරය පිලිබදව යලි විමර්ශනය කිරීමට දම්වැල් නොදා, බෙල්ලට තොණ්ඩු නොදා ශානි අබේසේකර මහතාට ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.