පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිදුවුණු සිදුවීමට අදාළව නීතිය ක්‍රියාත්මක කරන තුරු ඉබ්බාගමුව පාසලේ ක්‍රීඩාපිටියේ සංවර්ධන කටයුතු නවත්වන බව ක්‍රීඩා අමාත්යංශය නිවේදනය කර තිබෙනවා.

එහිදී පසුගිය සැප්තැම්බර් 24 දින කොළඹ පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර පලවා හැරීම හේතු වෙන් එයට විරෝධය පෑමක් ලෙස දේශපාලකයන් පාසල් උත්සවයට පැමිණීමට එරෙහිව ගුරුවරුන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

කෙසේවෙතත් විද්‍යාලයේ උත්සවය සඳහා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගී නොවූ බවත් ඒ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විද්‍යාලය වෙත යොමුකර, එම කාලය ප්‍රයෝජනයට ගනිමින් බිංගිරිය ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණයක නියැලුණු බවත් ක්‍රීඩා අමාත්‍යංශ මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

උත්සවශ්‍රීයෙන් පිඩලි ඇල්ලීමට ගිය, ක්‍රීඩා ඇමතිට දැඩි විරෝධයක්