සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ 50වන සංවත්සර සම්මේලනය ඊයෙ දින (29) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත්ව පැවැත්වුණි.

මෙම අවස්ථාවට ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, එරන් වික්‍රමරත්න මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකා පලස්තීන තානාධිපති වරයා, ඉස්ලාමීය විද්වතුන්ගේ සභාවේ ලේකම් මව්ලවි අර්කම් නූරාමිද් මහතා ඇතුළු විශේෂිත ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ 50වන සංවත්සරය වෙනුවෙන් තැපල් දෙපාර්තමේන්තුව විසින් විශේෂිත සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීමද සිදුකරන ලදි.