එක් අතකින් ජීවන වියදම ඉහළගොස් ඇති අතර අනෙක් අතට බරපතළ අර්බුද රැසක් මැද රට ගිනිකන්දක් උඩ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වී ගොවියා, තේ ගොවියා, සුළු අපනයන බෝග ගොවියා ඇතුළු සමස්ත ගොවි පරපුර අනාථ වී ඇති බවත්, ඒ තරුණ පරම්පරාව රැකියා අහිමිව  දැඩි පීඩනයකට ලක්ව ජීවත් වන බවත්,රටේ පවත්නා මේ අදූරදර්ශී ආණ්ඩුව නිසා තරුණයින් රට හැරයන මට්ටමට පත්ව ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ අද (01) කළුතර අගලවත්ත සමගි ජනබලවේගයේ  ආසන සංවිධායක ජගත් විතාන මහතා සංවිධානය කරනු ලැබූ විරෝධතාවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි විය. ඒ මහතාගේ කාර්යාලය විවෘත කිරීමද අද සිදුවිය. අතිවිශාල ජනකායක් ඊට එක්ව් සිටියහ.