වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති වුණේ රාජපක්ෂලාගේ  ආශිර්වාදයෙන් බව සත්‍ය වුවත් හිටපු ජනාධිපතිවරයායි හිටපු අගමැතිවරයා යි ගෙදර යැව්වෙ මේ රටේ පුරවැසි අරගලය විසින් කියන එක ජනාධිපතිවරයා අමතක කොට ඇතැයිද, ඔහුට ඒ බව මතක තිබුණා නම් මේ තරම් බරපතළ ලෙස මර්දණය ක්‍රියාත්මක කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දුර්දාන්ත ආණ්ඩුවක් වෙනස් කරන්න මතවාදීව මැදිහත් වුණා කියලා පසුගිය මැයි 09 පස්සේ, 3500 වැඩි පිරිසක් අත්අඩංගුවට අරන් තිබෙන බවත් 1200 වැඩි පිරිසක් රිමාන්ඩ් කොට ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ දෙහිවල ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (10) අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

වර්තමාන ආණ්ඩුව සමස්ත රටේම ජනතාව මරණ මංචකය වෙත දක්කන බව කී විපක්ෂ නායකතුමා ටයිටැනික් නැව වගේ රට ගිලෙමින් තිබියදී ආණ්ඩුව ඒ ඛේදවාචකය ඉස්සරහ පවා සිහි විකල් වෙලා වගේ සැණකෙළි නටන බව කීය.