මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළ අනුමත කර ගැනීමට කටයුතු කළේ අනීතිකව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග හා උපදෙස් අවස්ථා 9 කදී පැහැර හැරීමින් එම පනත අනුමත කර ඇති බවයි ඊයේ (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

පනතේ අඩුපාඩු නිවැරදි කර ගැනීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටද සිදුවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.