ශ්‍රී ලංකාව මේ තත්ත්වයෙන් මුදා ගෙන ගොඩනැගිය හැකි එකම නායකයා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා පවසයි .

මොහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා(16) මහර ආසනයේ නාරංවල පේරුවේ වෑබඩ බටහිර සමගි වනිතා සංවිධානය පිහිටුවන ලද අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී චම්ලි ලියනවඩුගේ, මහර ආසනයේ මාධ්‍ය ලේකම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මෙරිල් සැම්සන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.


තවද මොහු, සජිත් ප්‍රේමදාස යනු උගත් ප්‍රායෝගික දේශපාලනඥයෙක් බවත්, පාර්ලිමේන්තුවේ වසර ගණනාවක අමාත්‍යධූර නියෝජ්‍ය අමාත්‍යධූර දරා මනා අත්දැකීමක් ඇති සහ දේශපාලනයට සහ සමාජ සේවයට ලැදි ජාත්‍යන්තර සම්බන්ධතා රැසක් ඇති අප රට මෙම පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි එකම නායකත්වයයි.

තවද මොහු පළාත් සභා මැතිවරණය හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස රජයට අභියෝග කරන ලදි.