ජනාධිපති විසින් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජාසන කතාවේ ඉදිරි අවුරුදු 3 රට පාලනය කරන්නේ කෙසේද යන්න කිසිම සඳහනක් නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මේ බව කියා සිටියේ ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් කියා සිටි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා,

“අද පාර්ලිමේන්තුවේ රාජාසන කතාවේ ඉදිරි අවුරුදු 03 රට පාලනය කරන්නේ කොහොමද කියලා වචනයක්වත් සඳහන් වුණේ නැහැ. ජනාධිපතිතුමා කිව්වා මං පෙන්වනවා ඉතුරු අවුරුදු 03 රට පාලනය කරන හැටි දුන් පොරොන්දු ඉටු කරන බව කිව්වත් කරන්නේ කොහොමද කියලා වචනයක් වත් නැහැ.අපිත් හිතුවා රසායනික පොහොර ගැන කතා කරයි කියලා ඒ වගේම ජීවන වියදම අඩු කිරිම ගැන , ගෑස් ප්‍රශ්නය ,විදුලිය, ඉන්ධන ,කිසිම දෙයක් ගැන කතා කළේ නැහැ අඩුම තරමේ ණය ගෙවන විදියක් ගැනවත් කතා කළේ නැහැ. කිසිම ප්ලෑන් එකක් නැහැ එදා වේල ටුවර්ස් යන්නේ. උදේට නැගිටලා කල්පනා කරනවා අද කොහොමද සල්ලි හොයන්නෙ කියලා.

අපේ මිනිස්සු ජීවත් කරවන්න ඉන්දියාවෙන් සල්ලි ඉල්ලනවා.කිසිම පාලනයක් නැහැ එක්යි කැබිනට් සං⁣ශෝධනයක් නොකරේ කූට්ටම කොහොම ඇණුවත් ඉන්නේ ජෝකර්ලා.” යැයි පැවසීය”