පොලිස් ඇමැති සරත් වීරසේකරට මේ දිනවල කාදිනල්තුමන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් තිබෙන්නේය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු නිසා හා පල්ලියක බෝම්බයක් හමුවීමේ සිද්ධිය නිසාය.

මරදානේ සියලු ශාන්තවරුන්ගේ පල්ලියේදී බෝම්බයක් හමුවීමෙන් පසුව සිදුකරන පොලිස් පරීක්ෂණවල දුර්වලතාවයන් ගැන කාදිනල්තුමන් මාධ්‍ය හමුවකට පැමිණ අදහස් දක්වන්න විය. එයට මාධ්‍ය හමුවට ප්‍රතිචාර දැක්වූ පොලිස් ඇමැති සරත් වීරසේකර පැවසුවේ කාදිනල්තුමන් සී.සී.ටී.වි. දර්ශන මාධ්‍යයට නිකුත් නොකර පොලිසියට ලබාදිය යුතුව තිබූ බවයි.

සරත් වීරසේකර ඇමැතිවරයා කාදිනල්තුමන් විවේචනය කරන ප්‍රකාශයක් කර පැය කිහිපයක් යාමට පෙර කාදිනල්තුමන්ද සරත් වීරසේකරට ප්‍රතිචාර දක්වන්න විය.

‘‘පොලිසිය භාර ඇමැතිවරයා වැල් වටාරම් කතා කියමින් සිටිනවා.ඇමැතිවරයා අපිට කියන කතා කොන්ඩේ බැදපු චීන්නුන්ට ගිහින් කියලා තමයි අපිට පොලිස් ඇමැතිවරයාට කියන්න වෙන්නේ’’ කාදිනල්තුමන් පොලීසිය භාර ඇමැතිවරයාගේ කන හරහා වදින පිළිතුරක් දුන්නේය.