රාජ්‍ය හිමිකාරිත්වය යටතේ ජනමාධ්‍ය ආයතන පහක් පවති. ඉන් බොහොමයක් පවතින්නේ පාඩු පිට පාඩු ලබන තත්වයකයය . නැත්නම් වැටුප් ගෙවාගන්නත් බැරි තත්ත්වයකය . රාජ්‍ය බැංකවලට මිලියන දහස් ගනන් ණය වී ඇති තත්ත්වයකය . ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒ අතර ප්‍රමුඛ වේ . ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙරට විද්‍යුත් මාධ්‍යයේ මහාගෙදරයි. විශිෂ්ට කලා කරුවන්, මාධ්‍යවේදීන් මෙන්ම කළාපයේ විශිෂ්ට මධ්‍ය නිශ්පාදනවල තොතැන්නයි. එවන් මාධ්‍ය ආයතන අද වන විට සේවක වැටුප් ගෙවාගන්නත් බැරි තත්ත්වයකට පත්ව තියෙන්නේ ඇයි? ආයතන දෙකේම කඩාවැටීම දෙස බැලිමේදි දකින්න ලැබෙන්නේ පොදු ලක්ෂනයන්ය.

දේශපාලන හෙන්චයියන් ඉහළ තනතුරුවලට පත්කිරීම, ඉහවහ ගිය  වංචා දුෂණ, දේශපාලන නිර්දේශ මත නොසුදුස්සන්ට රැකියා දීම්, හා අකාර්යක්ෂම බව ඒවායි. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සේවකයන්ගෙ සැප්තැම්බර් මස වැටුප නියමිත දිනට ගෙවුයේ නැත. සැප්තැම්බර් මස වැටුප් ගෙවා තිබුනේ 27 වෙනි දිනය. ඒ සේවක විරෝධය උත්සන්න වෙද්දීය. රූපවාහිනියට මේ ඉරණම අත්වුනේ ඇයි? 2005 වසර වන විට ශ්‍රී ලංකා රූපවාහිනිය සන්ස්ථාව සතුව රුපියල් මිලියන 600කට අධික ස්ථාවර තැන්පතු තිබිනි. අද වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රුපියල් මිලියන දහසකට අධික ණය බරකින් යුක්තය . එහි බැංකු අයිරාව මිලියන 400 ඉක්මවා තිබේ. සේවකයන් 800 කගෙන් කොරොනා තත්ත්වය නිසා දැන් සේවයට වාර්තා කරන්නේ 200
කටත් අඩු පිරිසක්.  එබැවින් වෙනත් මාසවලට වඩා අතිකාල දීමනාද ගෙවීමට ඇත්තේ අඩු ප්‍රමාණයකි. එවැනි තත්ත්වයක් යටතේ පවා සේවක වැටුප් ගෙවීමට නොහැකි තරම් ආයතනය බංකොලොත් වී තිබේ.

රූපවාහිනී සංස්ථාවේ වත්මන් සභාපති ධුරය දරන්නේද දේශපාලනයෙන් පැන්ෂන් ගිය හෙන්චයියෙකි . අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන්නේද දේශපාලන බලයෙන් හිස උදුම්මවාගත් පුද්ගලයින්යෙකි. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව නැවත මූල්‍යමය ස්ථාවරත්වයක් අත්කර ගනී යැයි සීතීමද මුලාවකි. ආයතන දිනෙන් දින වලපල්ලට ගියද පාලනාධිකාරිය දේශපාලන පළිගැනීම් නම් නතර කර නොමැත. රටකට ජාතියකට මගපෙන්වන ජාතික මාධ්‍ය ආයතනයක සිටිය යුත්තේ නවීන අදහස් පිරි නිදහස් අධීන මිනිසුන්ය. එහෙත් ජාතික රූපවාහිනිය අදවන විට පිරී ඇත්තේ දේශපාලන හෙන්චයියන්ගෙනි.  රාජපක්ශලාට ගැතිකම් කරන පිරිසක් පමනක් එකතු කරගනිමින් රාජපක්ෂලාගේ ගුණ වර්ණනා කිරිමටත්, දේශපාලනික විරුද්ධවාදීන්ට මඩගැසීමත් හැරෙන්නට ඔවුන් වෙන කිසිම මාධ්‍ය කලාවක් දන්නා බවක් පෙනෙන්නට නැත.

ආසියානු කළාපයේ පැරනිතම ගුවන් විදුලිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. එමෙන්ම ආසියානු කළාපයේ බංකොලොත්ම ගුවන් විදුලියද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි .ප්‍රෞඩ ඉතිහාසයකට උරැමකම් කියන, විශිෂ්ට නිර්මාණ රැසක් දායාද කළ ගුවන් විදුලිය නන්දසේන ජනාධිපති යටතේ නියමිත දිනට වැටුප් ගෙවා ගැනිමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ. මාස කීපයක් තිස්සේ නියමිත දිනට වැටුප් නොලැබෙන බවට සේවකයෝ මැසිවිලි නගති.

මෙම මස සිට සේවකයන්ගෙ අතිකාල සම්පූර්ණයෙන්ම නතර කර ඇත . සියලු සහන නිවේදකයන්ගේ සේවය අත් හිටවා ඇත. සියලු මිලදී ගැනීම ද නතර කර තිබේ. බාහිර පටිගත කිරීම් හා ප්‍රචරනයද නතර කරන ලෙස සභාපති දැනුම් දී ඇත. සිටි එෆ් එම් හැරෙන්නට අනිකුත් නාලිකා රාත්‍රී 10.30ට අවසන් කරන ලෙසට දැනුම් දී තිබේ.

තත්ත්වය මෙසේ තිබියදී නන්දසේන ජනාධිපතිගේ ගෝලයන්ට අලුතින් තනතුරු දීම් ලහිලහියේ සිදුවෙමින් පවති. මෙලෙස විනාශ කරමින් සිටින්නේ  යහපාලන කාලයේ අමාරුවෙන් ගොඩනගමින් තිබූ ගුවන් විදුලියයි. යහපාලන කාලයේ ප්‍රසාද දීමනා වැඩියෙන්  සේවකයන්ට ගෙවුයේ ය. නියමිත දිනට වැටුප් ගෙවා, අතිකාල දීමනා නිසිපරිදි ගෙවා දැමුවේයේය. එලෙස තිබූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අද දේශපාලන හෙන්චයියන් විසින් විනාශ කරමින් තිබේ.

එක් අතකින් රටේ සම්පත් කුණුකොල්ලයට විකුනමින්, යහමින් මුදල් හොරකම් කරමින්, ඒවා ජනතාව ඉදිරියේ වසන් කරගැනිමටත්, තම ඊනියා දේශපාලන මතවාදවලින් ජනමනස විකෘති කිරිමටත් රාජ්‍ය මාධ්‍ය යොදාගැනිම රාජපක්ශලාගේ උපක්‍රමයයි. එසේ නොමැතිව රටේ ඉදිරි ගමනට, ජනතාවට හෝ අඩුම තරමේ රජයේ මාධ්‍ය සේවකයන්ටවත්,  රාජපක්ශලාගේ පාලනය යටතේ සිදුවූ සෙතක් නැත.

දැන්වත් රාජ්‍ය මාධ්‍ය ආයතන මේ සත්‍ය තේරුම් ගෙන් ක්‍රියා කළ යුතුව තිබේ. ඒ වෙනුවෙන් සේවකයන් දැන් පෙරට ආ යුතුය. එසේ නොවුනහොත් ඉතා දුක්කදායි ඉරණමකට ආයතනවලට මෙන්ම සේවකයන්ටද මුහුනදීමට සිදුවනු ඇත. එසේ නොවේවා යැයි අප ප්‍රර්ථනා කරන්නෙමු.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.