විකුණන්නේ නැහැ යයි පවසා ෂැන්ගිලා ඉඩම සිට විකුණා දැනුත් විකුණනව යනුවෙන් මන්ත්‍රී මනුෂ නානානයක්කාර පැවසුවේය.
ඔහු විසින් සිදු කල පාර්ලිමේන්තුව කතාව,
මන්ත්‍රී කෙනෙක් අද ඇහුවා කෙලින්ම කියන්න මේවට විරුද්ධනම් කියලා .. ඔව් අපි පක්ෂයක් විදියට අපි ආයෝජන වලට කැමතියි. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි විවෘත භාවයෙන් සිදු කරන රටට වාසි දායක ගිවිසුම් වලට විතරයි. අපි අනාගතයේදී හදන ආණ්ඩුවේදීත් ඒ ව්දියටම තමයි වැඩ කරන්නේ.. හැබැයි හැබැයි හොර කොමිස් ගහන වැඩපිළිවෙලවල් අපිත් එක්ක නැහැ.

හොරකම් කරලා අවපු සල්ලි තමයි අර පැන්ඩෝරා පේපර්ස් වලින් මතු වුණේ. දැන් මේ පේපර්ස් වලින් මතු වෙනකොට සජිත් ප්‍රේමදාස මහතාට මඩක් ගැහුවා වැස්සේ තෙමෙනවා හෙම්බිරිස්සාව හැදෙයි කියලා. නිවාසේ අධිකාරියේ ඉඩමක් ගැනත් කිවුවා. මම එයත් සභාගත කරන්න කැමතියි.එකේ පළමු කැබිනට් අනුමැතිය ගන්නේ ෆ්‍රෙරියල් අෆ්රොෆ් ඇමතිවරිය, ඉඩම අප සතු කරන්න.මේ ඉඩමට විමල් විරවන්ච ඇමති කැබිනට් පත්‍රිකාව දානවා මේක කොයි විදියටද ලබා දෙන්නේ කියලා.මිලියන 712 කට ගිණුම් හදන්නේ විමල් විරවංශ ඇමති. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැතුව ලංකාවට සල්ලි එන්නේ නැතුව තියෙනකොට තමයි මේකට සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වෙලා මිලියන 712ක් ලංකාවට ගෙනෙල්ලා ලංකාවේ මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නේ.

හැබැයි මේ සම්බන්දයෙන් සජිත් මහතාගේ කිසිම ඉන්වොල්මන්ට් එකක් නැහැ ඔහු ඇමතිවරයා විදියට ක්‍රියාත්මක කිරීම විතරයි කලේ. හැබැයි මෙන්න අලුත්ම තත්වේ, මේ ඉඩමට සභාපතිවරයා පොලිස් කණ්ඩායමකුත් මැර කණ්ඩායමකුයි අරන් ගිහින් දැන් අත්පත් කරගෙන බලෙන්. පොලිසියට ගිහින් පැමිණිලි දැම්මට පොලිසිය අහන්නේ නැහැ.පොලිසියේ පැමිණිලි ගණන් ගන්නේ නැහැ.ඉඩම් මෙහෙම බලහත්කාරයෙන් අත්පත් කර ගන්නකොට කොහොමද මේ රටට ආයෝජකයෝ එන්නේ. පානදුරේ පොලිස් ස්ථානාධිපතිවරයා මිනිස්සුන්ට විතරක් නෙමෙයි මාධ්‍යයට පවා තර්ජනය කරනවා. මේවා අපි කිවුවම අපිව CID එකට අරන් ගිහින් තර්ජන දානවා.

දැන් කියවෙන තීරු නඩේෂන් පුද්ගලයා ගැන. ජනපති කියනවා මේ ගැන විමර්ශනයක් කරනවා කියලා. ඔහු ලියුමකුත් එවනවා මේකට සම්බන්ද නැහැ කියලා. මල්වානේ ඉඩම මිලියන 64යි ගෙවන්නේ තුරුකුමාර් නඩේෂන්, හොන්කොන් හි පිහිටි රෙඩ්කෘස් සමාගම,CMM සමගම විසින් 2015දී මේකට සල්ලි ට්‍රාන්සර් කරනවා. මේ CMM කියන ආයතනය තමයි ගිං නිල්වලා වියාපෘතිය කරන්නේ.

මෙයට අදාල සිදුකල පරීක්ෂණ සියලුම වාර්තා සියල්ල මම සභා ගත කරනවා. මේවගේ තව තියෙනවා. 2003 මෙතුමාගේ බිලියන 3.6ක වත්කම් ඉන්ටපොල් විසින් තහනම් කරනවා.එවිට එය නිදහස් කල දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා. එංගලන්තයේ කෝට්ස් බැංකුවේ මේ වන විට පවුන් මිලියන 400කට අධික ප්‍රමාණයක්. මේ සම්බන්දතා සියල්ල බලනකොට මේක ඇත්ත කතාව කවුද කියලා අපිට කියන්න පුළුවන්.හෙල්පින් හම්බන්තොට කියලා පටන් ගත්ත වංචා දුෂණ සියල්ල අරගත්තම එයාර් බස් වලින් ආපු සල්ලි, පොර්ට් සිටි ගිවිසුමට කලින් චයිනා හාර්බර් එකෙන් ආපු චෙක් එක, පැනමා පත්‍රිකා වලින් හෙළිවූ සියල්ල මම සභා ගත කරනවා.