ජාතිය, ආගම, භාශාව ආධී මානවීය විවිධත්වයන් දේශපාලනික බල උවමනාවන් සදහ අවියක් කරගත් ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවේ මනුශ්‍යත්වය පෙරදැරිකරගනිමින් විවිධත්වය ආශිර්වාදයක් කරගත් මහත්මයෙකුගේ කතාව “මගේ කතාව” නමින් නොබෝ දිනකින් දෙරට වඩිනු ලබයි.

දේශපාලනඥයෙකු ලෙස ස්වයං චරිතාපදානයක් එළිදැක්වීමම අභියෝගයකි. එම අභියෝගය බාරගත් දේශපාලඥයින් ලෙස හිටපු අගමැතිවරයෙකු වන සර් ජෝන් කොතලාවල, හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන, ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් සඳහන් කළ හැකි අතර එම චරිතාපදාන කෘති තුනම ඉංග්‍රීසි බසින් එලිදක්වා තිබේ.

“සියල්ල දත් කෙනෙකුගේ කතාවක් නොවෙයි. පෘතග්ජන මිනිසෙකුගේ කතාවක්” ලෙස අර්ථදක්වා ඇති “මගේ කතාව” නම් කෘතිය නීතිඥ ඉම්තියස් බාකීර් මාකාර් මහතා එතුමාගේ කුඩා අවධියේ සිට ශිෂ්‍ය දේශපාලනය හරහා පක්ෂ දේශපාලනයට පිවිස මෙතෙක් දුර ආ ගමනේ මතක සටහන් ග්‍රන්ථයක් ලෙස සිංහල බසින් නිර්මාණය කර ඇත.

ඉස්ලාමීය පවුල් සංස්ථාවක හැදී වැඩුනද සිංහල භාෂාව හැසිරවීමේ ශුරයකු වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ පියා හිටපු කතානායක අභාප්‍රාප්ත දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතාය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ සිටම කථනයෙහි දක්ෂයෙකු වූ ඉම්තියාස් මහතා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ ජන මාධ්‍ය උපාධිදරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නීති විදුහලයේ නීති උපාධියක්ද හදාරා ජනප්‍රිය නීතිඥවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය ඉහල නැංවීම පිළිබඳව ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින ඉම්තියාස් බාකීර් මාකාර් මහතා තරුණ නියෝජනය පිළිබඳව ඉතා වැදගත් යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ලේඛකයෙකු ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරමින් සිටින ඉම්තියාස් මහතා දිවයිනේ විවිධ පුවත්පත් වල එතුමා විසින් රචිත ලිපි පළ කර තිබේ. වර්තමානය වන විට සතිපතා ඉරිදා දිවයින පුවත්පතේ “සිතමු” යන මාතෘකාව යටතේ තීරු ලිපි රචකයෙකු ලෙස ජනමාධ්‍ය කරළියට උර දෙමින් සිටින ඒ මහතා, ඔහුගේ තීරු ලිපි එකතුවක් ලෙස “සිතමු” කෘතියද පසුගිය දිනක එළිදක්වන ලදි. ශ්‍රී ලංකේය දේශපාලනයේ මහත්මා සලකුණු තැබූ ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ කතාව “මගේ කතාව” නමින් තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිතව තිබෙන අතර මෙම කෘතිය විවිධත්වයන් අගයන සුවහසක් ශ්‍රී ලාංකේය පාඨක ප්‍රජාව වැලන්දගන්නා කෘතියක් වන බව නොඅනුමානය.

එලඹෙන මාර්තු 5 වන දින මෙම කෘතිය සිංහල බසින් එලිදක්වන අතර KBOOKS.LK වෙබ් අඩවිය හරහා කතුවර අත්සන සහිත පිටපතක් https://t.ly/bfAvc වෙත පිවිසී හෝ 0765515400 ඔස්සේ දුරකථන ඇමතුම් ඔස්සේ KBOOK.LK ඇමතීමෙන් (වැඩකරන දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පමණි.) ඔබට පෙර ඇනවුම් කල හැකි අතර, පෙබරවාරි මස 26 වෙනිදා සිට පෙර ඇණවුම් ඔබ වෙත යොමු කරනු ඇත.