පෝලිම් නැති බව කියමින් ආණ්ඩුව කයිවාරු ගැහුවත් රටේ ජනතාව පෝලිම් වල මිය යන තත්වයක් ඇතිකිරීමට වගකිවයුත්තන් පිළිබඳව අවදානය යොමු කල යුතු අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර රටේ දුප්පත් ජනතාව ලක්ෂ 30ක සිමාවේ සිටි අතර මේ වන විට දුප්පත් ජනතාව ලක්ෂ 70 ක් දක්වා ඉහල ගොස් ඇති බවත් රට වසර 9කින් ආපස්සට ගොස් ඇති බවත් ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පැවසීය.

මන්ත්‍රීවරයා කියා සිටින්නේ ආණ්ඩුව පවසන ආකාරයට ලංකාව 2040 වන විට සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් සෑම වසරකම 12%ට වැඩි ආර්ථික වර්ධන වේගයක් පත්වාගත යුතු බවයි. ඒ සඳහා රාජ්‍ය අංශයේ , පෞද්ගලික අංශයේ , ජාත්‍යන්තරයේ , ණය හිමියන්ගේ දායකත්වය පිළිබඳව නිවැරදි අදහසක් තිබිය යුතු අතර වර්තමානයේ ආණ්ඩුව නියෝජනය කරන, රටේ ආර්ථික අර්බුදය ඇතිකිරීමට වගකිවයුතු පිරිසට මේ සඳහා කිසිඳු වැඩපිළිවෙලක් නොමැති බවයි.

‘‘ආණ්ඩුව කියනවා දැන් පෝලින් නෑ , ලයිට් තියෙනවා , ගෑස් තියෙනවා කියලා. ඒ සියල්ල ඇත්ත. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රට විනාශ කරන්න කලින් තෙල් පොලින් තිබුණෙන් නෑ. ලයිට් තිබ්බා , ගෑස් තිබ්බා. අදවගේම තමයි. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පත්වෙන්න කලින් රටේ දුප්පත් ජනතාව හිටියේ ලක්ෂ 30 යි. අද වනවිට රටේ දුප්පත් ජනතාව ලක්ෂ 70 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. පොලින් නැති වුණාට රටේ දිළිදු බව දෙගුණයකටත් වඩා වැඩි වෙලා. රට සම්පුර්ණයෙන් අගාධයට වැටිලා තිබෙන්නේ. රට අවුරුදු 9 කින් ආපස්සට ගිහින්. 2040 ලංකාව සංවර්ධිත රටක් වෙන්නනම් සෑම අවුරුද්දකම සියයට 12 ට වඩා වැඩි වේගයකින් අර්ථික වර්ධනය වෙන්න ඕන. සියයට 12 ට වඩා වැඩි වේගයකින් අර්ථික වර්ධනය වුණොත් 2040 දී ලංකාවට ගොඩ එන්න පුලුවන්. ඒ සඳහා රාජ්‍ය අංශයේ , පෞද්ගලික අංශයේ , ජාත්‍යන්තරයේ , ණය හිමියන්ගේ දායකත්වය පිළිබඳව නිවැරදි අදහසක් තිබිය යුතුයි.‘‘