අද වන විට අප රට ආර්ථික හා සමාජීය වශයෙන් ව්‍යසයනයකට ලක්ව ඇති මොහොතක ඒ රට ගොඩ ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීමට රටේ රණවිරුවන් සූදානම් බවත් තිස් වසරක යුද්ධයක් ගැන කතා කරන අපට මේ වන විට අප රටට ගොඩ ගැනීමට තිස් වසරක ජරා ජීරණ දේශපාලනයකට ලක් වූ රටක් බවත් විකල්ප යැයි කණ්ඩායම් කියා ගන්නා අය විවිධ විවිධ කතා රට පුරා කියා ගෙන ගියත් රණවිරුවන් තෝරා ගෙන ඇත්තේ රට යන හරි පාර බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා මාතලේ පැවැති සමගි ජන බලවේග රණවිරු සමුළුව අමතමිනි.

අද තරුණයන් ගැටලු රැසකට මුහුණ දී ඇති බවත් මෙසේ ගැටලු ඇති තරුණයන්ට විවිධ මතවාදයන් කියමින් තරුණයන්ගේ මනස විකෘති කර තරුණයන් ආවේගශීලී කිරීමට කටයුතු කරන බවත් මේ විකල්ප නායකයන් රට රටවල සංචාරය කරමින් අතීතයේ ඔවුන් අතින් වුණු වරදට සමාව වෙන්න කියන බවත් වරදක් කරලා සමාව ඉල්ලන මිනිසුන්ට රට බාර දිය හැකි ද කියා ප්‍රශ්නයක් පවතින බවත් ඒ මහතා පැවසීය.