සිංහරාජ රක්ෂිතය තුළ බලහත්කාරයෙන් ලබාගත් ඉඩමක අගමැතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ හෝටලක් සාදා තිබේ.

යෝශිත රාජපක්ෂට අයත් හෝටලය පිහිටා ඇත්තේ ගොංගල කන්දේ නැගෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේ යග රත්නපුර දිස්ත්‍රික්කයේල කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්‍රාම නිලධාරී වසමේ මෙය පිහිටා තිබේග අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේල ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහ. ඔහුගෙන් බලහත්කාරයෙන් යෝශිත රාජපක්ෂ විසින් රුපියල් කෝටි 4 කට මෙම හෝටලය මිල දී ගෙන තිබේ. එය මිල දී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන රවිදු සොයිසා ගේ නමට බව වාර්තා වේග දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ ද ඔහු විසිනි.


අක්කර 12 ක භූමියක පිහිටි මෙම හෝටලය ලබා ගැනීමෙන් පසු ව ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉඩම් කිහිපයක් ම යෝශිත රාජපක්ෂ විසින් මිල දී ගෙන තිබේග ඊට අමතර ව මතුරට වැවිලි සමාගමට අයත් හේයස් වත්තෙන් මෙම හෝටලය හා සම්බන්ධ ව පිහිටි තේ ඉඩම් අක්කර 20 ක් මෙම හෝටලයට නොමිලේ ලබා දී තිබේ. ඊට හේතු ව හෝටලය හා සම්බන්ධ සම්පූර්ණ වතු යාය අත්පත් කර ගැනීමට යෝශිත රාජපක්ෂ උත්සාහ දැරීම යග ඒ තත්ත්වය පිටුදැකීම සඳහා ඊට විරුද්ධ ව කටයුතු කළ මතුරට වැවිලි සමාගමේ අධ්‍යක්ෂවරයකු විසින් ගත් තීරණයක් මත මෙම ඉඩම් කොටස හෝටලයට ලබා දී තිබේ.
පසුගිය කාලය තුළ මෙම හෝටලයේ සිදු කළ සියලු අලුත්වැඩියා කටයුතු හා නව ඉදිකිරීම් සියල්ල හා හෝටලයට ආරක්ෂා ව සැපයීම සිදු කරන්නේ නාවික හමුදාවේ සෙබලුන් විසිනිග එපමණක් නොව යෝශිත රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මෙම හෝටලයට පැමිණෙන විට නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබලුන් යොදවා විශේෂ ආරක්ෂාවක් ද ලබා දේග මෙම හෝටලයේ හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා විශේෂ හෙලිකොප්ටර් අංගනයක් ද ඉදි කර තිබේග එය ඉදි කර ඇත්තේ ප්ලාස්ටික් කාපට් ඇතිරූ පාපන්දු පිටියක ස්වරූපයෙනි.
යෝශිත රාජපක්ෂට අයත් මෙම හෝටලය මෑතක් වන තුරු ම පළමු හිමිකරු සඳහන් කර තිබූ සිංහරාජ ග්‍රීන් ඉකෝ ලොජ් නාමයෙන් පවත්වාගෙන ගිය නමුත් අද වන විට එම නාමය සඳහන් පුවරුව ඉවත් කර හෝටලය දක්වා පිවිසීමට ඇති කිලෝමීටරයක් පමණ වන අතුරු මාර්ගය අලුත්වැඩියා කරමින් පවතී.

balavegaya IMG 20220422 WA0057