කුලියාපිටිය නැගෙනහිර කොටසේ සමුපකාර ඡන්දය සමගි ජන බලවේගය ජයග්‍රහණය කොට ඇත.මේ දක්වා පැවැති බොහෝ සමුපකාරවල බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී ඇති අතර මෙම ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ ආණ්ඩු පාර්ශවයේ දැඩි බලපෑම වලට පවා මුහුණ දෙමින් ය.
කුලියාපිටියෙ නැගෙනහිර කොටසේ සමූපකාර ඡන්දය අවස්ථාවේ එතනට පැමිණ මැර තර්ජන සහ බලපෑම් කළ සමන්ප්‍රිය හේරත් පොහොට්ටු මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ආරක්ෂකයින් ට පහර දී එළවා තිබේ.පොහොට්ටු මන්ත්‍රී වරයාට පහර දී ඇත්තේ තරුණයෙකි.


“මැර තර්ජනය කරලා, තුට්ටු දෙකේ බලපෑම් වලින් වැඩ කරන ආණ්ඩු පක්ෂය අද හොඳ පාඩමක් ඉගෙන ගත්තා.තුට්ටු දෙකෙන් මැර දේශපාලනයට එරෙහිව මේ රටේ ජනතාව ඉස්සරහට එන බව කුලියාපිටිය සමුපකාර ඡන්දෙන්ම පැහැදිලි වුණා.දැන් උදාවෙලා තියෙන්නෙ පොහොට්ටුවේ සොහොන් ලකුණු.මේ ආණ්ඩුව දේශපාලනිකව ඝාතනය වෙලා ඉවරයි.අද ආණ්ඩුවේ මන්ත්‍රීකෙනෙකුට එළියට බහින්න බැරි තත්ත්වයක් උදාවෙලා .”
යයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

“පරාජය දරාගන්න බැරුව සමන්ප්‍රිය හෙරත් ඇතුළු කණ්ඩායම දවස පුරාම මැරවරයෝ පිරිවරාගෙන ආසනය පුරා ඇවිද්දා.අන්තිමට නක්කාවත්ත කියන සමන්ප්‍රිය හෙරත්ගේ ගමේදිම ඔහු එලවා දැම්මා.සමන්ප්‍රියගේ ගමේ සමුපකාර ප්‍රාදේශීකයේ 16 දෙනාම සමන්ප්‍රිය ට විරුද්ධ වුණා.”
යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය .