වර්තමානයේ ලංකාව මුහුණ දී සිටී ආර්ථික අර්බුදයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පමණක් නොව වත්මන් ආණ්ඩුවම වගකිය යුතු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

සමගි ජන බලවේගය අනාගතයේදී ඒකාබද්ධ පෙරමුණක් ගොඩනඟන බවත් ඒ සඳහා කවුරුන්ද එකතු කරගන්නේ එකතු කර නොගන්නේ යන්න ඉදිරියේදී තීරණය කරන බවත් එහි මූලික අරමුණ වන්නේ දේශපාලන පරිවර්තනයක් කළ හැකි කණ්ඩායමක් ඇති කිරීම බව තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

මේ බව කියා සිටියේ අද දින මීරිගම දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

සටහන – CJ