ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු සිංහල අලුත් අවුරුද්ද සැමරීමට නොහැකිවූ බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“සිංහල හින්දු අලුත් අවුරුද්ද තව සති දෙකකින් එනවා රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආවා විතරයි එක සිංහල අවුරුද්දක්වත් කන්න පුළුවන් වුනේ නෑ මේ අවාසනාවන්ත තත්වය ඉතිහාසයේ අපි දන්න කාලයක මේ තත්වය ඇතිවෙලා නෑ ජනතාව සිංහල අවුරුද්දක් කන්නේ කොහොමද ජනතාව ඉන්නේ පාරේ බඩුමිල බලන්න කන බොන හැමදෙයක්ම අද සීඝ්‍රයෙන් ඉහල ගිහිල්ලා තුන් හතර ගුණයකින් බඩුමිල වැඩිවෙලා ආහාර උද්ධමනය 30%ත් පන්නලා එහෙම තත්වයක් තුල ජනතාව අවුරුදු කන්නේ කොහොමද ?” ප්‍රශ්න කළ සිටි මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“ජනතාවට අද ගෑස් පෝලිමේ ඉන්න වෙලා තිබෙනවා එතකොට ඩීසල් පෙට්‍රල් පෝලිම්වල අපි පැහැදිලිවම කියනවා අද මේ තත්වය පිළිබඳව ආණ්ඩුවට අපි කීවා දැන් පෝලිම් වල ඉදලා මේ වෙනකොට හතර දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා අද මේ රටේ ජනතාව අවසනාවන්ත වෙලා තිබෙනවා පෝලිම් වල ඉදලා ජීවිතෙ අහිමි කරගන්න තරමටම අත්‍යාවශ්‍ය භාණ්ඩවලට ජනතාව මාරගන්න තැනට ආණ්ඩුව ජනතාව පත්කර ඇති බව” මන්ත්‍රීවරයා කියා සිටියේය .

නිසි වෙලාවට භාණ්ඩ අපනයනය නොකිරීම නිසා රටට ලැබෙන ඩොලර් අහිමිකර ගත් බව ද, මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

තව දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“මේ කාලසීමාව තුල අපිට ඩොලර් නැතිව ඉන්න වෙලාවේ අපි අපනයනය කරන්න තිබෙන භාණ්ඩ ගණනාවක් නිසි වේලාවට කරන්න බැරුව අපට තිබෙන විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්තශාලා සඳහා තිබෙන ඕඩර් නැතිවෙලා තිබෙනවා ඒවා වෙනත් රටවල්වලට යනවා මීට ඉස්සෙල්ලත් ඒක වුනා මහින්ද රාජපක්ෂ රජය කාලේ GSP සහනය නැති නිසා අපේ රටට තිබ්බ අවස්ථා ගණනාවක් බංගලාදේශට වියට්නාමයට ගියා අද වෙන්නෙත් ඒක

මේ රජයක් තුල අපි තව තවත් ආගාදයට ජනතාව ඉතාමත් අසරණ තැනට පත්කරලා තිබෙනවා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පවුල් පාලනයට මේක කරන්න බැරිනම් රටේ ජනතාව ගැන හිතන්නේ නැත්නම් වහාම මේක කරන්න පුළුවන් අයට භාරදෙන” ලෙස ද , අලවතුවල මන්ත්‍රීවරයා ආණ්ඩුවට කියා සිටියේය .