වර්තමානයේ රට තුල පවතින දුෂණය වංචාව, ඉතාමත් සතුටුදායක මට්ටමින් රට තුල ක්‍රියාත්මක වූ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළටත් ආරෝපණය කිරීම හේතුවෙන් මෙම විශ්වාස භංගය ගෙන ආ බවත් ලංකාවේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර තුල සම්මාන පවා ලැබුණු පසුබිමක අද වන විට පත්ව ඇති ඉරණම ඉතාමත් ඛේදනීය ජනක බව සමගි ජන බලවේගයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අද පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියාසිටියේ රටට අවශ්‍ය ඖශධ වලින් 22%ක් මේ රජය විසින් විනාශ කරන බවත් රටට අවශ්‍ය ඖශධ වලින් ඖශධ 320ක් අද වන විට රට තුල නොමැති බවත් පැවසීය.

වසර ගණනාවක් පුරාවට මේ ආණ්ඩු විසින් මහජන ධනය මංකොල්ල කා අද වන විට එම ධනය වෘත්තිකයන්ගෙන් අයකරගැනීමට යාම නිසා වෛද්‍ය වෘත්තිකයින් රට හැර යාමේ බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් මෙම තත්වය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රබලවම බලපාන ගැටළුවක් වී ඇති බවත් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කළේය.