මානව හිතවාදියකු මෙන්ම ජනතාවගේ හිත දිනා ගත් දේ්ශපාලනඥයකු වන රංජන් රාමනායක මහතාට නුදුරු දිනකදී පුර්ණ නිදහස ලැබේවි කිය ඔහු මෙන්ම තමන් ඇතුළු සියලු දේශපාලඥයන් මෙන්ම ලංකාවාසී සියලු දෙනාම අපේක්ෂාවෙන් පසුවන බව අද (30) වැලිකඩ බන්දනාගාරයේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වැඩි දවසක් යන්නට පෙර සෑම දෙනාගේම අපේක්ෂාව වන රංජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකතුමා පැවසීය.ඔහු සැබෑ මානව හිතවාදියෙකු වන අතර ජනකාන්ත කලාකරුවෙකු ලෙස ද මහත් මෙහෙවරක් ඉටු කොට තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණි අතර රංජන් රාමනායක මහතා සමඟ දීර්ඝ වේලාවක් අදහස් හුවමාරු කරගැනීමට ද හැකි විය. මානව හිතවාදී දේශපාලනඥයෙකු මෙන්ම, ජනකාන්ත කලාකරුවෙකු ද ලෙස අඛණ්ඩ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති රංජන් රාමනායක මහතා නිදහස් පුරවැසියකු ලෙස සමාජයට පැමිණ, නැවතත් ශක්ති සම්පන්නව සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කරනවා දැකීම ඒකායන පරමාර්ථය බවද විපක්ෂ නායකතුමා පැවසීය.