රනිල් වික්‍රමසිංහ මහතා අද (12) දිනයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව සිටියත් ඒ මහතාට පාර්ලිමේන්තුවේ 113 ක බහුතර බලයක් පෙන්වීමට නොහැකි බවත් ඒ අනුව සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් කර ඇති යෝජනාව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නත් 113 පෙන්නන්න බෑ. ඒ මහතා 113 ගණන් හදාගෙන ඉන්නේ අපේ අයත් එක්කයි. අපෙන් කිසිම කෙනෙක් යන්නෙ නෑ. ඊයෙ ස්වාධීන වුණු හරීන් ප්‍රනාන්දුවත් යන්නෙ නෑ. ඒ අනුව 113 පෙන්වන්න පුළුවන් අපට විතරයි. ඒ නිසා අපේ යෝජනාව කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ”

(Copy – lanka news web)