සංචාරක ක්ෂේත්‍රය පිලිබදව පාර්ලිමේන්තු විවාදය පවත්වන දිනයේදී සංචාරක ක්ෂේත්‍රය පිලිබදව වගකිවයුතු සංචාරක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ නොමැති බවත් රටට ප්‍රධානවම විදේශ විනිමය ලබාදෙන සංචාරක ක්ෂේත්‍රය පිලිබදව ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරන බවත් ඊයේ (22) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

කාවින්ද විජේසිරි මහතා මෙහිදී කියා සිටියේ සංචාරක කර්මාන්තය තුල නියැලෙන පුද්ගලයින් මුල් වතාවේ පාස්කු ප්‍රහාරය නිසාත් ඉන් පසු කොරෝනා රෝගය නිසාත් ඉන් පසුව රට තුල පවතින ආර්ථික අර්බුධකාරී තත්වයන් නිසාත් අන්ත අසරණ තත්වයකට පට්ය්හ්ව ඇති බවත් ඔවුන් ජීවිකාව කරගැනීමට ගත ණය මුදල් වල පොලී අනුපාත ඉතාමත් ඉහල මට්ටමකට පත්ව ඇති බවත්ය

සංචාරක ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සදහා රට තුල හොද සෞඛ්‍ය තත්වයක් තිබිය යුතු අතර වත්මන් රටේ සෞඛ්‍ය තත්වය ඉතාමත් කණගාටු තත්වයක පවතින බවත් බාල ඖශධ, ලියාපදිංචි නොකල ඖශධ සහ ඖශධ වල දරාගත නොහැකි මිල ගණන් වැඩි වීම, ඇස් වලට බෙහෙත් භාවිතා කල පුද්ගලයින්ගේ ඇස් අන්ද වීම පමණක් නොව ඖශධ භාවිතා කල පුද්ගලයින් ජිවිතක්ෂයට පවා පත්වන තත්වයක් තුල අපේ රට පිලිබදව සංචාරකයකු විශ්වාසයක් ඇතිකරගන්නේ කෙසේද ? යන ප්‍රශ්නය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.