පොළී රහිත ණය ලබා දීමේ වැඩසටහනේ 7 වැනි කාණ්ඩය යටතේ කේ.අයි.යූ. පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට මේ වන විටත් ලංකා බැංකුවෙන් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් එම ණය ලබා දීමට එකඟ වි නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින නැවතත් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත එම දූදරුවන් අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති නමුත් අධ්‍යයන කටයුතු කර ගෙන යන අතරමග එය නතර වීමට සිදුවේද යන බියකින් පසුවන බවත් එම නිසා මෙම ණය මුදල් අනුමත කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.