බැසිල් රාජපක්ෂ නැවත මෙරටට පැමිණීම පිළිබඳව මේ වන විට රටේ ලොකු කතාබහක් ඇතිවී තිබෙන බවත් එවැනි අවලංගු වූ පුද්ගලයෙක් පිළිබඳව කතා කිරීමම නිකරුනේ කාලය වයකිරීමක් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (6) හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මේ පිළිබඳව කියා සිටියේය.

එතුමිය වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වැරදිකරුවකු වූ බැසිල් රාජපක්ෂ පමණක් නොව කිසිඳු රාජපක්ෂ වරයෙක් සමඟි ජන බලවේගයේ ඉදිරි දේශපාලනයට බාදාවක් නොවන බවත් ඔහුව අභියෝගයක් වී තිබෙන්නේ අනෙකුත් සුළු පක්ෂ වලට බවත්ය.